අද දින තුන්වන කීමෝ ප්‍රතිකාරය සඳහා රෝහල් ගත වුනෙමි .?
ස්වභාවයෙන්ම රෝස පැහැති මගේ ඇඟිලි තුඩු සහ නියපොතු නිල් පැහැයට හැරෙමින් පවතී
දැත පුරාම දම් පැහැ පැල්ලම් මතුවී ඇත.
ශරීර වර්ණ ය දුර්වර්ණ වෙමින් සම වියලෙමින් පවතී .
මම ඒ ගැන දුක් නොවී සතුටු වෙමි.
මක් නිසාද යත් කීමෝතෙරපි ප්‍රතිකාර දැන් මගේ ශරීරය තුළ ක්‍රියාත්මක වන බවට බාහිරට පෙනෙන සාක්ෂි ඒවා බව මම දනිමි.
පිළිකා රෝගයට දෙනු ලබන ප්‍රතිකාර වල අනෙක් බලපෑම හිස කෙස් හැලී යාමයි.නමුත් වෛද්‍ය වරයා මට පැවසුවේ මගේ ප්‍රතිකාර වලින් සම්පූර්ණයෙන් හිසකෙස් හැලී නොයන බවයි.නමුත් කොණ්ඩ ය කොටට කපා මම පෙර සුදානමින් සිටිමි.
මම මේවා ලියා තබන්නේ තවත් මා වැනිම රෝගියෙක් ට ආදර්ශයක් වනු පිණිස මය.
පිළිකාව මාරාන්තික යි කියා පවසයි.
ඔවුන් මරණයට කැපවුවන් සේ සමාජයේ ඇතැමුන් සිතයි.
ඒත් සුවපත් වන්නන් ගැන කිසිවෙකු කතා නොකරයි.
මේ අදහස වෙනස් විය යුතුමය
මහරගම රෝහලට අපේක්ෂා යැයි නම් තබා ඇත.
ඉතින් ජීවතේ වීමට ඔවුන් ට අපේක්ෂාව ක් දීම සැමගේ වගකීමක් ලෙස සිතමි.
මා වටා සිටින ඔබ සැම මාහට ලබාදෙන්නෙ අභිප්‍රේරණයට ස්තුතියි කියමි.??????
සැබැවින්ම අත්‍යවශ්‍ය වන්නෙ හිත එකඟ කර ගෙන ප්‍රතිකාර ලැබීමයි.
අනෙක් අතට බැලු කළ මරණයටද බිය විය යුතුද ?
උපන් අප සැම දිනෙක මියෙනු ඇත.
ඒ සුළු කාලය තුළ මනුස්සකම අැතුව ජීවත් වීම පමණක් වටිනාම දේ ලෙස මම දකිමි ????️
මහනුවර රෝහල
49 වාට්ටුවේ සිට ලියමි