Saturday, October 19, 2024
Follow Us
පිරිසිදුකරන්නිය - නදීෂ නිර්මාණ හේරත්

අංගනය පුරාම රැදී තිබුනු අමුතු පුස් සුවඳ නිසාම නහය හිර කරවන සුළු තරම් විය.එකිනෙහි සාරා තමන් ඇද සිටි සාය යටි වාටියෙහි වූ කුඩා පැල්ලම මකන්නට එලියෙහි වූ කරාමය අසලට පිය නැගුවාය.එවෙිලෙහි කමිසයෙහි සිපරය පවා පන්නාගත් ජොනතන් නම් වයස්ගත බේබද්දා අසල සිට දිව යන ආකාරය ඕ දුටුවාය.මිනිහ කොච්චර වෙලා තමන් දෙස බලා සිටියාද යන්න ඇය නොදනීය.මෙය ඇමෙඩා හට නොකිව්වොත් නැවතත් එවන් සිදුවීමකදී තමාට බැනුම් අහන්නට සිදුවීම අනිවාර්යය.


" ඌ තමයි මෙිකෙ ඉන්න ජරාම මිනිහා.අයිවන් තමා ඌව නරක්කරන්නෙ" ඇමෙඩා අඩි පොළවෙ ගසමින් කතා කරන්නෙ ගනුදෙනුකරුවන් නැති අවස්ථාවකදීය.
සවස් යාමයේ පැවති මූසල අඳුර නිසාම කුටි සුද්ද කිරීමට පැමිණි සැලීද වැඩ කරන්න ගත්තේ අලසවය.
" ගොඩාක් අමාරු යි මෙි කාලෙ ජීවත්වෙන්න.ඇමෙඩා නෝනා දෙන කීයෙන් හරි තමා " ඇය සුපුරුදු වචන පෙල කියවන විට ඇමෙඩාත් ඒ අසල තම නිය මදිමින් සිටි සාරාත් පැන්ස කිහිපයක් ලබා දුන්නේ අනුකම්පාවෙනි.
" අනේ"
" උඔට දෙන්න අපි ලග පැන්ස තිබුන එක ගැන සතුටු වෙයන් "
කෙසේ හෝ ඇයට තවත් මුදල් අවශ්‍ය බව කියා ඇය දින කිහිපයකට පසු නැවත සයනාගාරයන් ඉදිරිපිට පෙනී සිටියාය.ඒ වෙනදාට වඩා පෙනුමෙනි.
" උඔ අද වෙනස් "
" මම අද ආවෙ පිරිසිදුකරන්නියක ලෙස නෙවෙි "
කාරණාව තේරුම් ගත් ඇමෙඩා ඇතුළු ගැහැණු මූනෙන් මූණ බලාගත්තාය.සයනාගාරයන්හි හිමිකාරිය සැලීත් සමඟ එතනින් විශාල ශාලාව වෙත ගමන් කරනු මොහොතකට පසු දකින්න ලැබිණ.
" පව් අසරණී" එසේ පැවසූවෙි සාරාය.
-***************
රාත්‍රී නවය පසුවද්දි නැවත ඇමෙඩා හා සාරා තම කුටි සේවය අවසන උණු වතුර ස්නානය සදහා පෙළ ගැහෙන්නට වූවාය.
" අම්මෝ " එකිනෙහි නො 221 කුටියෙහි පිරිමියෙක් විලාප නගන්නට වන අයුරු ඇසිණ.ඒ සමහර පිරිමි හඩ නගන නිසා යැයි සිතා දෙදෙනාම තුවා පටල ගත් අතර තරප්පු පෙළ ඔවුනට ඉහළින් පෙනේ.ඔවුන් දෙදෙනා දුටුවෙි ලේ තැවරිච්ච පිහියක් අතින් ගෙන එය බැස එන සැලීය.
" දෙයියනේ.උඔට මොකද වුනේ "
" මම ඒකව මරල දැම්මා" සාරාගේ හඩට උත්තර දුන් සැලී අසල දොර වෙත පිය නැගුවාය.
" කාවද ...ඒත් ඇයි "
ඇය නැවත දෙදෙනා දෙස හැරිල බැලුවාය.
" ඌ මහ තිරිසනෙක්.එච්චර රිදවල සතුටුවෙන පිරිමියෙක් මම දැකල නෑ.ඔහෙලා සුවද පුරවන් හිටියට දුක් ගොඩක්.කවුරුත් මාව හොයා නොගත්තොත් ආපහු හෙට ඉදන් මම පිරිසිදුකරන්නියම විදියට වැඩ කරයි." ඇය වෙිගයෙන් හුස්ම පිටකර දොර වසා පිටතට නොපෙනී යන තුරු බලා සිටි ඇමෙඩා
" ඔව් කවුරුත් සතුටුකරල සල්ලි ගත්තට අපේ ජීවිත දුක් ගොඩක් "
©නදීෂ නිර්මාණ හේරත්