මීට අවුරුදු 5කට කලින් පුතුව school දාපු පලවෙනි පාර parentsලට meeting එකක් තිබ්බා...
එතනදි Father Rector, Rev.Father Kennedy හරි ලස්සන කතාවක් කිව්වා...
"ඉස්සර ගෙවල් වල හිටියේ ගමරාලලා, ගමමහගෙලා... ගමරාල කුඹුරට ගිහින් මහන්සි වෙලා එද්දි ගමහාමිනේලට තිබුනේ උයලා, දරුවන්ට කන්න දීලා, ගමරාලට බත් ටික බෙදලා දීලා, ගමරාල කෑවහම පිගානත් හෝදලා තියන්න.. හැබැයි දැන් ගමරාලලා, ගමහාමිනේලා නෑ.. ගෙදර නෝනයි, මහත්තයයි දෙන්නම එක වගේ මහන්සි වෙනවා.. ඉතින් ගමරාල, ගමහාමිනේ concept එක දැන් හරි යන්නෙ නෑ.. ගෙදර වැඩ දෙන්නම එකතු වෙලා කරන්න ඕනා.. ඉස්සර කෑම කාලා ඉවර උනහම අම්මලා පිගන් හෝදන්න බලාගෙන ඉන්නවා.. විශේෂයෙන්ම පුතෙක් පිගාන හේදුවොත් අම්මලාට හරි අවුල්.. අනේ ඔයා ඕක හෝදන්න එපා, තියන්න, තියන්න...කියනවා.. So my dear parents, please don't spoil your child. Let them wash their cup and plate. We teach them to do their stuff by themselves"
අවුරුදු ගානක් ගිහිල්ලත් ඔය කතාවේ අකුරක් නෑර මට තාම මතකයි.. ඔව්, මටත් ඉන්නේ පුත්තු දෙන්නෙක්.. එයාල දන්නවා එයාලගේ අම්මා කොච්චර මහන්සි වෙනවද කියලා.. "අම්මිට අද හරි මහන්සියි පුතේ" කිව්වහම දෙන්නත් එක්ක ගිහින් කිරි එකක් හදා ගෙන ආවහම අම්මා කෙනෙක් විදිහට හිතට දැනෙන හැගීමට දෙන්න වචන නෑ මං ලග....
එදා Father කිව්ව කතාව මං අදටත් විශ්වාස කරනවා.. අනිත් කෙනාගේ හැගීම්, දුක, මහන්සිය තේරුම් ගන්න පුලුවන් දරුවෙක්, මනුස්සකම් දන්න දරුවෙක්, තමන්ගේ දෙයක් තනියම කර ගන්න පුලුවන් දරුවෙක් හදන්න.. අපිට විතරක් නෙමේ,කවදා හරි එයාලව ලබා ගන්න කෙනෙක්ටත් දැනෙයි තමන් හරිම වාසනාවන්තයි කියලා...
තමන්ගේ දේවල් කාටවත් අත නොපා තමන්ට කරගන්න ශක්තිය, ධර්‍රය, ඉවසීම හැමෝටම ලැබේවා ???