Saturday, October 19, 2024
Follow Us
ජීවිතේ ඉන්නෝන එහෙම කෙනක්.

කසාද බැදල, ලමයි හදල පරම්පරාව ඉස්සරහට ගෙනියන්න කෙනෙක්ම නැතුව උඹත් එක්ක ජීවිතේ බෙදාගන්න පුළුවන් කෙනෙක්.


කිසිම ලෝබකමක් නැතුව උඹ වෙනුවෙන් කාලය වැය කරන කෙනක්. උඹේ සතුට වෙනුවෙන් , උඹේ හිනාවක් වෙනුවෙන් කොන්දේසි විරහිතව කැපවෙච්ච කෙනෙක්.
උඹට ජීවිතේ ඉන්නෝන උඹ කඩන් වැටෙන වෙලාවට උඹත් එක්කම බිම පතබෑවෙන නෙවෙයි, උඹව අල්ලගන්න පුළුවන් කෙනෙක්. ඒ විශ්වාසය තියෙන කෙනෙක්.
උබට ඕනි උඹේ පංතියෙ, උඹේ ලගින් වාඩිවෙලා යන්න පුළුවන් කෙනෙක්. උඹ හිටගන්න පොළොවෙම උඹත් එක්ක හිටගන්න පුළුවන් කෙනෙක්.
පුංචි,පුංචි දේවල් එක්ක ඔට්ටු වෙලා ඒව මහා ලොකු දේවල් කරගෙන , හේතු හදාගෙන උබව වැරදිකාරයෙක් කරන කෙනෙක් නෙවෙයි. උඹ නිවැරදි වෙන තැනට වැඩ කරන කෙනක්.
හැම වෙලාවෙම නැති උනත් ඕනි හැම වෙලාවකම උඹත් එක්ක ඉන්න පුළුවන් කෙනක්. උබව තනිනොකර උඹත් එක්ක ජිවිතේ ට මුහුණ දෙන්න පුළුවන් කෙනක්.
උඹට ඕනි උඹව විශ්වාස කරන කෙනක්. උඹව හිර නොකර නිදහස් කරල උඹට ලෝකය දකින්න , විදින්න ඉඩ දීල පැත්තකින් ඉදන් උඹව පරිස්සම් කරන කෙනක්.
ඇත්තටම උඹේ ජීවිතේ ඉන්න ඕනි,
උඹත් එක්ක ජීවිතේ විදවන්න නෙවෙයි උඹත් එක්ක එකතුවෙලා ජීවිතේ විදින්න පුළුවන් කෙනෙක්.
- රුවා