Saturday, October 19, 2024
Follow Us
අකමැති කසාදය..❤️02 කොටස..

? මම ගොඩක් ඇඬුවා..
ජීවිතේ එපා වෙන තරමට ඇඩුවා..


mata marenna hithuna.. මැරෙන්න ක්‍රම හෙව්වා..
මම මැරෙන්න බයයි..
ෂිට් එකෙන් බෙල්ල තද කරගන්න හිතුවා..
ඒත් ඒක කරන්න බෑ හිතුනා..
අම්මා අප්පච්චි මාව අවුරුදු විසිතුනක් බලාගෙන, එක විනාඩියෙන් ඒ ජීවිතය විනාශ කරන්න මට බෑ..
අම්මයි අප්පච්චියිටයි මට බනින්නත් බෑ.. මොකද එයාලා දෙන්නා මේක හොයලා දුන්නට කොල්ලා මොනවගේද කියලා එයාලා දන්නේ ටික දෙයයි,, මොකද ගෙදරකට කොල්ලෙක් එක්ක එනකොට කපුවත් කියන්නේ බොරු..කපුවට කියන දේවල් තමයි කපුවා කියන්නේ kapuwath කිසිම දෙයක් දන්නෙ නෑ..
ඉතින් ඕනෑම ගෙබි කුමාරයෙක් රාජකුමාරයෙක් කරනවා පවුලේ අය කතා කරද්දී..
හැමෝම හිතුවේ මටත් හොඳ කොල්ලෙක් හම්බ වුණ කියලා..
ඕනම කෙනෙක් එක්ක ජීවත් වෙන්න පටන් ගන්න කොට තමයි දැනෙන්නෙ එය හොඳ කෙනෙක් ද නරක කෙනෙක් ද කියලා????
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
? එකපාරම දොරට තට්ටු කරන කොට උඩ ගිහින් ඇහැරුණා,, මට ඒ කියන්නේ ටිකක් නින්ද ගිහින්..
මම ගිහින් දොර ඇරියා..
?Good Morning Madam...
? Good morning...
?මැඩම්,,උදෙ කෑම..
?උදෙටත් කවුද කැම ඔඩර් කරෙ...
? 751 රූම් එකේම තමයි මැඩම්,,
? 751 රූම් එකට ගිහින් මෙ කෑම එක දෙන්න...
මම කෑම කන්න එළියට එන්නම්..
?හා මැඩම්..
? ඒක නෙමේ මෙහෙ ඇවිදින්න ලස්සන තැනක් නැද්ද????
? මැඩම් කිලෝමීටරයක් විතර ගියාම බීච් එක තියෙනවා..
? අනේ ඇත්තමද???
Taxi එකක් දෙයි කරලා දෙන්න පුලුවන්ද????
? මැඩම් එන්නකො මං සෙට් කරලා දෙන්නම්..
පුදුම ගෑනියෙක් තමයි. හනිමූන් එකට ඇවිල්ලා,, මිනිහා වෙන ගෑනියෙක් එක්ක.. මේ කෙල්ල කොහොම ඉන්නවද මං දන්නේ නෑ..
අර තිරිසනා අල්ලලා මරන්න ඕන.. කුපාඩි බල්ලා. යකෝ ඒ කෙල්ල මගෙ නංගි වගේ..
හිටපන්කො ඕකට කරන්න වැඩක්..
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
? ඒ පාර අරකි උදේ පාන්දරම ඇවිත් ද කොහෙද????
?‍? දොර ගිහින් දොර අරින්නකො..
? සර් මෙ කෑම ඕඩර් එක..
? මං ඔය කෑම ඔඩර් කරේ අනිත් රූම් එකට..
? මැඩම් පහලට ඇවිත් කන ගමන් ඉන්නෙ..
මැඩම්ට මේ කෑම එපා කිව්වා...
? එහෙම කිව්වද????
? ඔව් බල්ලො කිව්වා තමයි.. මරන්න හිතුනා බල්ලා. සක්කර වට්ටමක් වගේ එකියක් කරෙ එල්ලගෙන.. ලැජ්ජ නැති ගෑනියක් ද කොහෙද ඇඳුම්වත් හදාගන්නෙ නෑ.. මේ වගේ බල්ලන්ට කොහොමත් සක්කර වට්ටම් තමයි හරියන්නේ අහිංසක කෙල්ලන්ට වඩා..
(((මම හිතින් කියාගත්තේ)))
මම ඉක්මනට ගියෙ අර කෙල්ල ගාවට...
? කෑම එක ගිහින් දුන්නද???
? ඔව් මැඩම් .
? රෑ කෑම එකත් මට කන්න බැරි උනා එකත් අරන් යනවද???
? හා මැඩම්,,,
ලස්සනට තියෙන කාමරේ මේ මොකද කරලා තියෙන්නෙ..
මගේ හිතන්නේ කෙල්ල දැනගෙන තියෙනවා අරූ වෙන ගෑනියෙක් එක්ක ඉන්නවා කියලා..
පිස්සං කොටුව වගේ...
මොනා උනත් පව් කෙල්ල...
? උදේට කන්න මොනවද තියෙන්නේ...
? මැඩම්ට කැමති දෙයක් හදලා දෙන්න පුළුවන්...
? මට ටැක්සි එකක් හොයලා දෙන්න..
?මැඩම්ට මම නම්බර් එකක් දෙන්නම්..
? බොහොම ස්තූතියි...
මම හොඳට කාලා,,, කාමරේට ගියේ හොඳ ඇදුමක් දාගෙන එන්න..
මං පොඩි ෂෝටක් ඇඳගෙන ටී ෂර්ට් එකක් දාගත්තා...
දැන් මෙතන ඇවිල්ල මෙතුමි අයියා මාව හොයන හින්දා මං කොළයක ලියලා ඇදෙ තිබ්බා.. මම මුහුද පැත්තට යනවා කියලා..
මම එලියට යනකොටම Taxi එක ඇවිත් තිබුණේ..
?️?️?️?️?️?️?️?️?️?️?️?️?️
මම සතුටින් යන කිරිල්ලියක් වගේ ගියා.. මම ඉතිං මහා ලොකු ලස්සනක් නෑ.. අනිත් කෙල්ලන්ගෙ වගේ කොන්ඩේ දිගකුත් නෑ . කියන තරම් සුදු කුත් නෑ..
ඒත් මට දැනෙනවා මං නිදහස් කියලා...
මට ඕනි නම් ඕන තරම්අඬන්න පුළුවන්..
ඇයි මම අඬන්නේ,, අවුරුදු විසිතුනක් ගෙදර හිටියේ අම්මයි තාත්තයි එක්ක..
ඉතිං කසාද බඳින්නේ එක්කෙනයි.. එයා මට ආදරේ නැත්නම් මොකටද මම ආදරේ කරන්නේ,, ජීවිතය බාගයක් ගෙවලා තියෙන මම,, ඉතිරි ජීවිතේ ගෙවන්න මහත්තයෙක් ඕනි කියලා මම හිතන්නේ නෑ..
මම තනියම ඉන්නවා...
එයාට ආදරය කරානම් තමයි මට ගොඩක් දුක හිතෙන්නෙ,, මම එයාට ආදරේ කරන එක නවත්තනවා,
හිත නිදහස් කරගෙන මුහුදට පැන්නෙ හරිම සැහැල්ලුවෙන්..
මන් හිතන්නේ බැඳපු කපල් තමයි මෙතන ඉන්නේ..
මම හිතේ හැටියට මුහුදේ නැටුවා..
මට හිතෙන හිතෙන දේවල් මම කෑවා..
හැමොම අහයි මට කිසිම දුකක් නැද්ද කියලා??..
මට කිසිම දුකක් නෑ.. මොකද ළමයි දෙතුන් දෙනා ඉන්න අයත් වෙන ගෑනු පස්සෙ යනවා,,ඉතින් අයියා මගේ ළඟටත් එන්න කලින්ම වෙන ගෑනියෙක් ඉන්නවා දැක්කම මට ලොකු දුකක් ඇති වුණා,, ඒත් මට දැන් කිසිම දුකක් දැනෙන්නේ නෑ..
?‍? මම දැන් යන්න ඕනේ ගෙදරින් හොයයි..
? කවදද ආයෙ හම්බ වෙන්නේ..
?‍? ඇයි හෙට ඔෆිස් එකට එන්න..
? මම නිවාඩු දාල තියෙන්නෙ..
?‍? කමක් නෑ ඔයා එන්නකෝ.. මම යන්නම් බබී... අර කෙල්ල ගාවට එහෙම යන්න එපා.
? මම නිපුනි එක්ක මගේ කාමරේ ගාවට ආවා..
එයාල ගෙදරින් එයාව හොයන හින්දා එයා ගියා..
මම කෙලින්ම ගියේ Room එකට..
මං ගාව යතුර තියෙන හින්දා මම කෙලින්ම දොර ඇරියා..
දොර ඇරියා විතරයි කාමරේ පිස්සන් කොටුව වාගේ..
මෙ කෙල්ල හරි ඔක්කොම ඉරල ඉරල විසි කරලා.. කොට්ට මෙට්ට එක එක තැන්වල. හිතට පොඩි බයකුත් දැනුනා..
එතකොට තමයි මම දැක්කෙ තියෙනවා මම මුහුදට යනවා කියලා..
මේකි තනියම ගිහින්.. මට කිව්වා නම් මම එක්ක යනවා නේ..
? ඇයි සර් කතා කරෙ..
? කෝ මේ මැඩම්..
? උඹට දෙන්නම් වැඩක්..
මං කාමරේට යද්දි ඒ මැඩම් වැටිලා හිටියේ. රෑ කෑම එක වත් කාලා තිබුණෙ නෑ.. කාමරේට යද්දි හැමතැනම සාරි කෑලි.. මොකක් හරි කරදරයක් වුනාද කියලා දන්නේ නෑ.. කරදරයක් වුනා වගේ තමයි තිබුනෙ.. හොඳටම අඬලා හිටියේ..
? හරි හරි තමුසෙ යනවා...
මම කෙලින්ම මුහුදට ගියා..
ඇත්තටම ගොඩක් couple ඇවිත්..
මට ඇත්තටම කෙල්ල අඳුර ගන්නත් බැරි උනා..
චූටි කොට shot එකක් ගහලා ලස්සනට ඉන්නවා..
මුහුදෙ නටනවා හරියට පොඩි එකෙක් වගේ..
එකෙක් එයා දිහා බලාගෙන ඉන්නවා.. මොකෙක් ද එකා..
මම හෙමීට හෙමීට පිටිපස්සෙන් ගියා..
කෙල්ල ඉස්සරහට දුවගෙන ගිහින් ආයෙ හයියෙන් පිටිපස්සට දුවගෙන එද්දි මගේ ඇඟෙ හැප්පිලා මගෙ ඇග උඩටම වැටුණා..
කෙල්ල මගේ ඇස් දිහා හරි ලස්සනට බලන් ඉන්නවා..
එක කොල්ලෙක් ඇවිත් කෑ ගහනවා මොකක් හරි ප්‍රශ්නයක්ද කියලා???
මගේ කෙල්ල දිහා ඇඹලයා වගේ බලාගෙන හිටපු එකා..
මන් කිව්වා කිසිම ප්‍රශ්නයක් නෑ කියලා..
? කීයටද ආවෙ...
ඔයාගෙ අක්කි කො..
? ගියා..
? ඇයි???
? ගෙදර ගියා...
කෙල්ල එහෙම මගෙන් අහපු පාර මට ලැජ්ජා හිතුනා .
ඔයාගෙ අක්කි කියලා කිසිම තරහක් නැතිව කිව්වා..
මම අවුලෙන් හිටියෙ කෙල්ල මට බැනගෙන බැනගෙන යයි කියලා ඒ වුනාට වුනෙ වෙනම දෙයක්..
අර කොල්ලා මගේ කෙල්ලට ලයින් එක දෙනවා හොඳටම වැඩියි..
ලිහිනිටත් පිස්සු වගේ මුහුදෙ නටනවා..
සතුටින්ද දුකින්ද..????
ඒකී මාව ගණන් ගන්නෙවත් නෑ..
?ඔයා යනවද???
? ඔව් ඔයත් එන්න..
? මම ආවෙ තනියම ඔයා යන්න... මම තව ඉදලා එන්නම්..
? මේ මගෙන් කුණුහරප අහ ගන්නෙ නැතුව එනවා..
? අනෙ මට එන්න බැහැ..
?ඇයි.. එනවද නැද්ද????
තමුසෙ දැන් කසාද බැඳලා නේද ඉන්නේ.. පිස්සෙක් වගේ නටන්නෙ..
තමුසේ ආවේ මොකෙද????
?Taxi එකක..
? බලනවා තමුසෙගෙ ඇඟේ තියෙන වැලිකන්ද..දැන් ඔක්කොම කාර් එකේ ..
?මම කාර් එකෙන් බහින්නම්. Taxi එක්ක එන්නමි..
? මූණ රතු කරගෙන එහෙම කිව්වා.. වාහනෙ නැවැත්තුවොත් කෙල්ල බහින්න හිටියෙ..
තව ටිකක් වේගෙන් ගියා...
? අර බල්ලා මොකද දන්නෑ අර අහිංසකි එක්ක එන්නෙ..
හොර ගෑනි ගිය හින්දා දැන් මෙකීගෙන් වැඩ ගන්න වෙන්නැති..
පව් කෙල්ලො..
ඒ කෙල්ල මටත් හිනා වෙලා ගියා...
? තමුසේ දැනගන්නවා දැන් කසාද බැඳපු ගෑනියෙක් කියලා..
තමුසේ පොඩි එකෙක් වගේ නැටුවේ මොකද???
තව ටිකක් පරක්කු වුණා නම් අද තිබ්බ එකෙක් උස්සන් යනවා..
?හ්ම්ම්..
? ඒකි මගෙත් එක්ක වැඩිය කතා කරන්නෙම නැහැ..
මොකද තමුසේ මෙච්චර වටින සාරි ඉරල ඉරල දැම්මෙ..
බලනවාකෝ කසාද බැඳපු එකෙක්ගෙ පිළිවෙළක් නැතිකම..
කාමරෙ පිස්සං කොටුව වගෙ..
මොකුත් කියන්නෙ නැතිව Bathroom එකටම ගියා..
?මම මුහුදට ගිහින් නටපු එක විතරයි පෙන්නේ..
ගෑනියෙක් එක්ක මුළු රෑම හොඳට නටපු එක ඒව පිළිගන්නෙ නෑ..
මම මුහුදේ නටපු එක තමයි පේන්නේ..
පිරිමි නම්..
? මම ගොඩක් බලං වෙලා හිටිය කෙල්ල නෑ...
මෙන්න බොලේ එනවා..
බෝලයක් වගේ ම තමයි...
ඒකි Bathroom එකෙ ඉදලම ගවුම ඇදගෙන ඇවිත්..
මම බලයි කියලා වෙන්න ඇති..
බලන්නම ඇග..
? හෙට අපි යමු නේද???
? නිවාඩු දාලනෙ තියෙන්නෙ තව ගොඩක් දවස්..
? මොකටද????
? හොටෙල් එකේ ඉන්න..
? ඔයා ඉන්න මම යනවා.. ඇයි ඔයාගේ අක්කා ගියෙ..
අද ඔයා ඒ කාමරේට යන්නෙ නැද්ද???
? නෑ අද යන්නේ නෑ... ඇයි මාව යවන්න හදන්නේ..
ඉයෙ කිව්වෙ කළුවරට බයයි කියලා..
කාමරේ තනියම ඉන්නත් බයයි කියලා...
? දැන් බය නෑ ඊයෙම බය නැති කරගත්තා..
හොල්මන් වලට නෙමේ බය වෙන්න ඕනේ ජීවත් වෙණ මිනිස්සුන්ට..
? මටද කිව්වේ..
? කාටවත් කිසිම දෙයක් කියන්න මට කිසිම උවමනාවක් නෑ...
? හරි මම නිදාගන්නම්..
? මම හොටෙල් එකේ ටිකක් ඇවිදලා එන්නම්..
? තමුසෙට පුදුම ඇවිදිල්ලක් නේද තියෙන්නේ..
? මම නවකතා වල වගේ හනිමූන් එකට තාමා ආවෙ..
ඒ වගේ ලස්සනට අකුරු කරල තියෙන්නෙ හනිමූන් එක ගැන...
ඉතිං මමත් ආවේ ඔයත් එක්ක ඒ විදියට ඉන්න හිතාගෙන..
ඒත් උනේ වෙනම දෙයක්..
ඔයා මගෙත් එක්ක නැතිවුණා කියලා,, මම මේ කාමරේට වෙලා අඬ අඬා ඉන්න ඕනිද??? මට අඬන්න ඕනෙ නෑ... ආදරය නැති කෙනෙක් ඇත් වෙනවා විතරයි..
මම යනවා..
ජීවිතේ මම දැන් තනියම ඉස්සරහට යනවා..
ලොකු වෙඩින් එකක් අරගෙන ආවා.. අපරාදේ සල්ලි අම්මලා වියදම් කරපු සල්ලි..
මම දැකලා තියනවා වෙන කෙල්ලොන්ගෙ රතු පැල්ලම් නෑ කිය කියා මුළු ජීවිත කාලෙම විද වනවා..
ඉතිං මට උනේ මගේ මහත්තයා රතු පැල්ලමක් වෙන කෙල්ලගෙ දකින්න ගියා..
මට කිසි දුකක් නෑ..
?????
? දුකක් නැත්නම් ඇයි අඬන්නෙ..
? මෙ මගෙ සතුටු කඳුළු.. මම ඔයාට ආදරය කරානම්,, තව දුරටත් හිත හදාගන්න බැරි වෙයි... ඒත් දැන් මම ජීවත්වෙන්න පටන් ගන්නවා.. ඔයාට කවදාවත් ළංවෙන්න හදන්නෙ නෑ... ඔයාට කවදාවත් ආදරේ කරන්න හිතන්නෙත් නෑ..
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ඉතිරි කොටස හෙට දෙන්නම්..
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

(Facebook)