Saturday, October 19, 2024
Follow Us
අකමැති කසාදය..

මම අද බැඳල Hotel එකට ආවෙ මම කැමති නැති කෙල්ලෙක් එක්ක..


මේකි නං අද හරි ලස්සනයි.. ඒත් මට ඒකි ගැන ආදරයක් නෑ..
මම කැමති කෙල්ලට එයාල ගෙදරින් කැමැති වුණේ නෑ..
මම නිපුනිට කියූවත් මගෙත් එක්ක යමු කියලා,, එයා ආවෙ නැ. ගෙදර හිටපු එකම කෙල්ල හින්ද එයා ආවෙ නෑ...
අපේ ගෙදරින් මට ඉක්මනට කසාදයක් කරේ මගේ වයස තිහක් හින්දා..
ඔව් අද ඒ කෙල්ල මගේ ඇඳට වෙලා ඉන්නවා.. ඒකි අද හරි සතුටින් ඉන්නවා.. කොණ්ඩ කටු එකින් එක ගලවනවා..
ඒත් මමයි නිපුනි කසාද බැන්දාම ගොඩක් දේවල් හිතන් හිටියා..
නිපුනි මට කිව්වේ එයා ඇඳලා ඉන්න කොණ්ඩ කටුවෙ ඉදලම සාරිය දක්වා මට ගලවන්න දෙනවා කියලා...
ඒත් මේ කෙල්ල තනියෙන් තමන්ගෙ වැඩ ටික කරගන්නවා.. මේකි නං හරි ලැජ්ජයි මං ගාව ඉන්න.. සාරිය ගලවන කොට මං දැක්කා මූන රතු වෙලා තියෙනවා...
නිපුනි මැයි Plan කරේ එකම හෝටලයේ ඉස්සරහ රූම් එකේ එයා ඉන්නවා කියලා ..
ඉතිං අද බැඳපු කෙල්ලත් එක්ක නෙමෙයි හනිමූන් එක තියෙන්නෙ.. මගේ නිපුනිත් එක්ක..
මම ඒ කාමරෙන් එලියට ගියේ.. නිපුනි එක්ක නිදාගන්න යන්න..
? අයියෝ ඔයා කොහෙද යන්නෙ..
? මට පොඩි වැඩ වගේකට එළියට යන්න වෙලා.. ඔයා පරිස්සමට නිදාගන්න මම ගිහින් එන්නම්..
? එතකොට මම තනියම..
කවදාවත් මම අම්මයි තාත්තයි නැතුව කොහෙවත් තනියෙන් ඉදලා නෑ .
ජීවිතේ පළවෙනි වතාවට අද බැඳලා තනියෙන් ඉන්න යන්නේ ඔයත් එක්ක..
මම කාමරෙ තනියම නිදාගන්න බයයි..
අයියේ මම ඔයත් එක්ක එන්නද???
මට කාමරේ තනියෙන් ඉන්න බයයි
? කන පැලෙන්න එකක් ගහන්න කලින් කාමර වෙලා නිදාගන්නවා.. කවුරුවත් තමුසේව අල්ල ගන්නේ නෑ.
?????????
? ඇත්තටම අර තිබ්බ සතුට අස්සෙ උඹ ඇඬුවා.. ඇත්තටම උඹ අම්මා ගාව නිදාගන්න ඇති..
කාමරේ ඉන්න බය ඇති..
ජීවිතේ පළවෙනි වතාවට මේ වගේ ලොකු තැනකට එන්න ඇති..
ඒත් මට කරන්න දෙයක් නෑ මං එනකන් මගේ කෙල්ල කාමරේ තනියම ඉන්නවා..
?‍?☎️☎️☎️☎️☎️☎️☎️☎️
? කියන්න බබා..
?‍? ඔයා එන්නේ නැද්ද මම ඇවිත් ඉන්නේ...
? ඩාලිං මම එන ගමන් ඉන්නේ..
උඹ එකපාරම මගේ මූණ දිහා බැලුවා..
උඹ හිතුවා හරි මට උබට වඩා වටින මැණිකක් ඉන්නවා..
මම දැක්කා උඹ ඇදෙන් ගිහින් බිම ඉඳගන්නවා..
ඉක්මනට සාරිය ගලවපු උබ දැන් සාරිය ගලවන එක නවත්තලා..
ඉක්මනටම මගේ තුරුලට එන්න නේද හැදුවේ..
එන්න බෑ බං මම එනකං වෙන එකියක් මග බලාගෙන ඉන්නේ...
????????
? මෙතන අඬන්නෙ නැතුව දොර වහගන්නවා හොදට..
? මම අපේ අම්මට එන්න කියන්න ද???
ඔයත් යන හින්ද මට ඉන්න බයයි..
? මෙතන හුරතල් වෙන්න ගත්තා ද???
හෙට වෙනකන් හිටපං... මම යනවා යන්න..
?????????????
? මම ඉක්මනට හොයාගෙන ගියේ නිපුණිව...
මම හොටෙල් එකේ,, කසාද ගෑනි ආදරේ කරන ගෑනි තියාගෙන හිටියේ.. එත් මම ආවේ කසාද ගැනි ගාවට නෙමෙයි ආදරේ කරන ගෑනි ගාවට..
?‍? අනේ මේතුම් ඔයා ආවද??
මම බයේ හිටියෙ ඔයා එනකන්.. මම හිතුවේ නෑ ඔයා ඒයි කියලා..
? මං වෙනුවෙන් ඔයා ආවේ නැති වුණාට
ඔයා වෙනුවෙන් මම හැමදාම එනවා..
?‍? දැන් එහෙනම් අපි හනිමූන් එක පටන් ගමුද????
දැන් අර නංගි නිදිද???
? අඬ අඬා හිටියෙ කවදාවත් තනියම ඉදලා නෑ කියලා...
?‍?මල් කොලාම්...
? shot එකක් ගහලා වැඩේ පටන් ගමු..
?‍? හා මැණික
??????
? දුකටද සතුටට ද දන්නෑ හොඳටම බිවූවා..
ඇයි ඔයාට බැරි උනේ මගේ ළඟට එන්න..
මේ ආදරේ වෙනුවෙන් ඔයාට එන්න තිබුණා..
එහෙනම් අද අර කෙල්ල වෙනූවට අපි දෙන්නට ඇඳට වෙලා ඉන්න තිබුණා...
?‍?ඔයා හොඳටම බොනවා වැඩියි..
?????????????
? දොරට ගහපු සද්දෙත් එක්ක මම උඩ ගියා..
වෙලාවට කාමරෙ ඉන්න බයයි කියපු හින්දම අයියා ඇවිත්..
ඉක්මනට ගිහින් දොර ඇරියා...
අනේ දෙයියනේ කෑම අරන් ආපු කොල්ලෙක්..
? මිස් කෑම ඇතුලෙන් තියන්න ද??
? කවුද මේවා ඕඩර් කරේ..
?751 Room එකේ ඉන්න සර් තමයි ඕඩර් කරේ..
?ඉතිං ඒ Room එකට ඕඩර් කරපු එක මගේ කාමරේට ගෙනාවෙ මොකද???
? ඒ සර්ම තමයි මේ Room එක අපෙන් ගත්තේ..
සර් Room දෙකටම කෑම ඕඩර් කරා..
? රූම් එකේ නම්බර් එක මට ආයෙ කියනවද???
?751 මිස්...
?????????????
? එතකොට 751 රූම් එකෙ ඉන්නේ කවුද???
ඒ මනුස්සයාට වැරදීමක් වෙලා ද???
මගේ අයියා වැඩකට කියලනෙ එලියට ගියේ..
සමහර විට ඒ කාමරයෙ ඉන්න එක්කෙනාට කියලා ගියද දන්නෙ නැ..
Thanku කිව්වොත් හොඳයි වගේ..
යනවද නැද්ද????
අයියගෙ යාලුවෙක් වෙන්න ඇති.. Thanku කිව්වේ නෑ කියලා කියයි..
අයියව තේරුම් ගන්න අමාරුයි.. එයා මට ආදරය නෑ කියල පෙන්නුවට මට කෑම එකක් ඕඩර් කරලා ගිහින්..
මම කාමරේට ගිහින් බලනවා..
මේ සාරිය පිටින්ම,,, කමක් නෑ ගිහින් එනවා...
කාමරේ ළඟටම ගිහින් දොරට තට්ටු කරා..
දොරනම් ඇරියෙම නෑ.. සමහර විට කවුරුත් නැද්ද දන්නෙත් නැහැ..
මම ආයෙ පාරක් තට්ටු කරා..
? කවුද අනේ මේ වෙලාවේ..
?‍? අපි දාපු කෑම ඕඩර් එක එන්න ඇති බලන්න ගිහින්..
? නිදහසේ ඉන්න කියලා අවම නිදහසේ ඉන්න දෙන්නෑ නේ...
?‍?යන්න...
? මොන කරුමයක්ද මන් දන්නේ නැහැ...
? දොර අරින්නෙ නැති හින්ද මම යන්න කියලා හැදුවේ
එකපාරම දොර අරිනවා වගෙ සද්දෙ හින්දා ආයෙ නැවතුනා..
එලියට ආපු කෙනා දැක්කේ නැති උනත් මම එයාට තැන්කියු කිව්වා..
? ඔයා කොහෙද මේ ඇවිත් ඉන්නේ..
? තෑන්ක්යූ කියන්න ඔලුව පාත් කරගෙන හිටපු මම එකපාරටම ගැස්සුනා..
චූටි ෂෝටක් ඇඳගෙන මාව අද බැඳපු අයියා මගේ ඉස්සරහම හිටගෙන ඉන්නවා...
? තමුසෙ දැන් කාමරේ ඉන්න බයයි කියලා මොකද ඇවිදින්නේ..
? මට වචනයක් කියන බැරි වුණා මට ගොත ගැහුනා.
?‍? කවුද බබා ඇවිත් ඉන්නේ..
? කාමරේ කෙල්ලෙක් හයියෙන් කතා කරනවා මට ඇහුණා..
මගේ කකුල් දෙකත් එක්ක පණ නැති වෙලා ගියා..
? කාලා නිදා ගන්නවා..
කාමරේට කෑම ඕඩර් එක ආවද???
? එකපාරටම කෙල්ලෙක් බෙඩ් ෂීට් එකත් ඔතාගෙන මගේ ලගට ආවා..
මම ගල් ගැහිලා ගියා...
එයා කාමරය දොර වැහුවා...
මම හෙමීට හෙමීට මගේ කාමරේ ලඟට ඇවිදගෙන ආවා...
මට මොකුත් කියන්න තේරෙන්නේ නැහැ..
මට හිතාගන්න බෑ මොකක්ද උනේ කියලා..
මම ආසාවෙන් බැඳපු මගේ අයියා
එකම හොටෙල් එකේ තව කෙල්ලෙක් එක්ක.
ආදරය කරපු කෙල්ල එයා වෙන්නැති..
එයාව ගොඩක් විශ්වාස කරා..
අද මාව තනි කරන්න ඕනේ නැති එයා අද මාව තනිකරා .
අම්මා අප්පච්චි දාලා එන්න බෑ කියලා අඬපු මම,, අයියා කිව්වා මාව බලා ගන්නවා කියලා.. මට මගේ ජීවිතේ එපා වෙලා..
මං හිතුවෙ අද මගේ ජීවිතේ ලස්සන දවසක් කියලා..
මම කාමරේ දොර වැහුව ද කියලාවත් මට මතක නැ..
තියෙන බඩු ඔක්කොම පොළොවේ ගහන්න හිතුනා..
මුළු රෑම ඇඬුවා..
අම්මයි තාත්තයි මාව බලාගත්ත විදිය මතක් උනා..
කවදාවත් මාව තනිකරෙ නැ..
ජීවිත කාලෙම ඉන්නවා කියලා හොයලා දුන්න කෙනා අද මාව තනි කරා..
ලස්සනට හැඩ දාලා දවස් ගානක් ලස්සනට හැඩ කරපු සාරිය මම ඉර ලා දැම්මා.. කෑලි කෑලි වලට ඉරලා දැම්මා...
ලස්සනට හදල තිබ්බ කොන්ඩෙ මට රිදුනත් මම කොන්ඩකටු හැමතැනම විසික් කළා..
මගේ මූන ලස්සන කරන්න ගාලා තිබ්බ makeup කදුලු වලට ම දිය වුණා..
මගේ අම්මයි තාත්තයි මට මතක් වෙනවා..
අම්මා ගාවට දුවලා ගිහින් වෙච්ච හැම දෙයක්ම කියන්න හිතෙනවා.
ඒත් මට අම්මා එනකොට කිව්වේ,, පවුල රැකගන්න කියලා,,,ගෙයි ගින්දර පිටට දෙන්නත් එපා කිව්වා,, පිට ගින්දර ගෙට ගන්නත් එපා කිව්වා.. ගෑනියක් උනාම හොඳට ඉවසන්න ඕනි කිව්වා.. කෙල්ලෙක් උනාම පවුල රැක ගන්න ඕනි කිව්වා..රණ්ඩු වෙන දේවල් අම්මලාට කියන්න එපා කිව්වා..
අම්මෙ මගේ ජීවිතයේ වැරදුනා අම්මෙ, ඔයාලගේ චූටි දුවගේ ජීවිතේ කාලකණ්ණි වුණා...

(Facebook)