Saturday, October 19, 2024
Follow Us
 රාහුල් ඩ්‍රාවිඩ්

උගත් මාන්නය නිසා අද පරපුර දෙන ආදර්ශයට වඩා මෙවැනි පුද්ගලයන්ගෙන් අපට ගතහැකි ආදර්ශ බොහෝයි...??


හිටපු ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායක සහ වර්ථමාන ඉන්දීය ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු රාහුල් ඩ්‍රාවිඩ් මීට අවුරුදු පහකට පෙර, ඒ කියන්නේ 2017 වසරේ බැංගලෝර් විශ්ව විද්‍යාලය විසින් ඔහුට පිරිනමන ගෞරව ආචාර්ය උපාධිය ගෞරවාන්විතව ප්‍රතික්ෂේප කරනවා... ඒ වගේම එම උත්සවයේදී උත්සව සභාව අමතලා ඔහු අපූරු කතාවක්ද කරනවා...
"මගේ බිරිඳ වෛද්‍යවරියක්... ඇය ඇගේ වෛද්‍ය උපාධිය ලබා ගැනීම සඳහා ගණන් කළ නොහැකි... නිදි නැති රාත්‍රීන් සහ දින ගණන් ගතකර තිබෙනවා... එහෙම දීර්ඝ කැප කිරීමක් කරලා තමයි ඇය ඇගේ වටිනා උපාධිය ලබා ගත්තේ..."
"ඒ වගේම මගේ අම්මා කලා අංශයේ මහාචාර්යවරියක්... එයාගේ අවසාන උපාධිය ලබාගන්න ඇය අවුරුදු පනහක් තිස්සේ ඉවසීමෙන් බලාගෙන ඉන්නවා...
මම ක්‍රිකට් ගහන්න මහන්සි වුණා... මම ඒ ක්‍රීඩාවෙන් ඉහළටම ගියා... ඒක තමයි ඇත්ත... ඒත් මම අධ්‍යාපනය පැත්තෙන් එච්චර හොඳට ඉගෙන ගත්ත කෙනෙක් නෙවෙයි... ඉතින් මම කොහොමද මේ බලසම්පන්න ගෞරව ආචාර්ය උපාධිය පිළිගන්නේ...?"
“ගෞරව උපාධියක් නිකන්ම ලබා ගන්නවාට වඩා ක්‍රීඩා ක්‍ෂේත්‍රයේ යම් ආකාරයක ශාස්ත්‍රීය පර්යේෂණයක් සිදු කිරීමෙන් ආචාර්ය උපාධියක් ලබා ගැනීමට මම ඉතා කැමැත්තක් දක්වනවා...
1952 අවුරුද්දේ දී ඊශ්‍රායල රජය විසින් ඇල්බට් අයින්ස්ටයින්ට අගමැතිකම භාරගන්න කියලා කියනවා... එතකොට අයින්ස්ටයින් ආචාරශීලීව එය ප්‍රතික්ෂේප කරලා කියන්නේ...
“මම භෞතික විද්‍යාව පිළිබඳ යම්තාක් දුරට දන්න කෙනෙක්... රාජ්‍ය පාලනය සහ පරිපාලනය ගැන මා කිසිදෙයක් දන්නේ නැතුව කොහොමද එහෙම දෙයක් බාරගන්නේ...!!!"
ඒ වගේම රුසියානු ලෝක ප්‍රකට ගණිතඥයෙකු වන Grigori Perelman විසින් 2006 දී ක්ෂේත්‍ර පදක්කම් සහ ගණිත ක්ෂේත්‍රයේ නොබෙල් ත්‍යාගයට සමානව ලබාදෙන විශාල මුදලක් ලබාගැනීම ප්‍රතික්ෂේප කරනවා... ඔහු පැවසුවේ... “අපේ පවුල දුප්පත්කමේ උපරිමයේ ඉන්න කාළේ තමයි මගේ ළමා ගෙවිලා ගියේ... අම්මාට ලැබෙන ආදායම ඉතුරු කර ගැනීමට මට ඇයගේ ගණකාධිකාරී ලෙස මුදල් කළමනාකරණය කිරීමට සිදුවුනා... කුඩා කාළයේ සිටම මට ගණිතය පිළිබඳ කුඩා දක්‍ෂතාවක් වර්ධනය කර ගැනීමට හැකි වූයේ ඒ නිසා විය හැකියි... ඒ අපි ගෙවූ දරිද්‍රතාවයේ අවධිය දැන් මගේ ජීවිතයේ නැති නිසා, මෙතරම් මුදලක් මම ලබාගෙන කුමක් කරන්නද..?"
"බලන්න... මේ අයගේ නිහතමානී බව දැක්කම අපට එයාලා ලඟ ගෞරවයෙන් වැඳ වැටෙන්න පවා සිතෙනවා... සමාජය ඉදිරියේ නිහතමානී වෙනවා කියන්නේ තමන්ගේ ගෞරවාන්විත බවේ අඩුවක් කිසිමදාක සිදුනොවන එකක්, මිනිසා තුළ තිබෙන නිහතමානී බව තමන්ගේ ජීවිතයටත් වඩා විශාල ප්‍රතිරූපයක් නිරූපණය කර දෙන බවත් මේ නිහතමානී බව සහිත මිහිපිට සිටි මිනිසුන් අපට නැවත නැවතත් මතක් කර දෙනවා..."
"අහස කියන්නේ නිහතමානීකමේ සීමාව වන අතර ඕනෑම මට්ටමකට සිටින කෙනෙකුට නිහතමානී වීමට එහි සීමාවක් නොමතිය යන්න එහි අදහස වෙනවා..."
රාහුල් ඩ්‍රාවිඩ් විසින් ගෞරව උපාධියක් ප්‍රතික්ෂේප කළ පළමු අවස්ථාව මෙය නොවේයි... වරක් ඔහු ගුල්බර්ගා විශ්වවිද්‍යාලයෙන් ලබාදුන් ආචාර්ය උපාධියක්ද මේ ආකාරයෙන් ප්‍රතික්ෂේප කර තිබුණා...
රාහුල් ඩ්‍රාවිඩ් වසර 16ක් ක්‍රිකට් ක්‍රීඩාව නියෝජනය කරමින් 2012 වසරේදී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා අතර ඔහු දැනට ඉන්දීය ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරනවා...
(උපුටා ගැනීම )
- ධම්මික සමරතුංග -
#DhammikaSamaratunga...