Saturday, October 19, 2024
Follow Us
Please be kind always
දවසේ පටන් ගන්න තැන ඉදල දවස අවසන් වෙන තැන වෙනකන් අපිට තව කෙනෙකුගෙ හිත නොරිදවා ජීවත්වෙන්න පුළුවන් නම් ඒක කොච්චර දෙයක්ද.මිනිස්සු තමයි තවමත් ලෝකේ මිනිස්සු වෙනුවෙන් සේවය කරන්නෙ.මොකද අපි ඉන්නෙ රොබෝවරු සේවය කරන රටක නෙවෙයි.

 

බඩගින්නට කෑම එකක් ඔිඩර් කලාම ඒ කෑම එක එනකන් මග බලාගෙන හිටිය කෙනෙක් නම් කෑම එක අතට අරගෙන සල්ලි දීලා කීයෙන් කීදෙනාද ඒ මනුස්සයට " thank you " කියල කියන්නෙ.එහෙම බලද්දි අපි හිතනව හැමවෙලේම කෙනෙකුට සල්ලි දුන්නහම ඒ පුද්ගලය අපිට ඒක කරල දෙන එක වගකීම කියල.මනුෂ්යත්වය තුලින් අනෙකා දිහා බලන අය අඩුවෙල.එතකොට අපි ඇත්තටම ආත්මාර්ථය එලියට එන තැන් කොච්චර තියෙනවද.ආත්මාර්ථයත් හරියට වතුරෙ ඔබපු ටෙනිස් බෝලය වගේ කොච්චර වුනත් ඒක උඩට එනව.
හීතල වෙච්ච කෑම එක,පරක්කු වෙච්ච කෑම එක දකින අනෙකා නොසෑහෙන්න බනිනව වගේම අනෙකා වෙනුවෙන් මොහොතක් හිතන්න පුළුවන් නම් ඒක උතුම් මිනිස්කමක්.හැබැයිඑහෙම මිනිස්සු ව උනත් රවට්ටන අය ඉන්නව කියලත් කෙනෙකුට හිතෙන්න පුළුවන් .අපිඒ ඒ සිදුවීමට අනුව මිනිසුන් දිහා බලන විදිය අනුවයි මෙි හැමදේම වෙනස්වෙන්නෙ.ඉතින් මිනිස්සු ගැන යහපත් විදියට හිතන්න.
සේවය සපයලා බැනුමක් අහපු කෙනෙක් නම් හිතන්න අනෙකාට උසස්ම සේවය සලසා දෙන්නෙ කෝමද එයාව හොද යාළුවෙක් කරගන්නෙ කෝමද කියල.ඒ වගේම නිස්කාරනේ ඒ මනුස්සයට බැනපු කෙනෙක් නම් හිතන්න ඔිනා දේ තමයි ඒම කරන්න කලින් දෙපාරක් තුන්පාරක් කාරණාව හොයල බලන එක.
| නදීෂ නිර්මාණ හේරත්