Saturday, October 19, 2024
Follow Us
ඉවසීම

ඉවසීම කියන දේ ජීවිතයට ගොඩක් වැදගත් දෙයක්.ඒක එහෙම වෙන්නෙ මොකද දන්නවද අපේ ජීවිතයේ කාලසීමාව පවා තීරණය වෙන්නෙ අනෙකාගේ ඉවසීම තුලින්.මෙි ගුණය මනුස්සයෙකුට ප්‍රගුණ කරන්න බැරිනම් හොදම දේ කුරුල්ලෙකුගෙ දින චර්යාව අධ්‍යයනය කරන එක.කුරුල්ලා කැදැල්ල හදන්න කෝටු අරගෙන ඇවිත් ඒකට කොච්චර මහන්සි වෙනවද වෙලාවකට ඒ කෝටු ලොකු හුලගට ගසාගෙන යනව.තවත් වෙලාවක වැස්සට තෙමිල ගැලවිල යනව.වැස්සෙම කූඩුව හදනව.තව සත්තු ඇවිත් කූඩුවට ගෙනාපු කොළ රොඩු අරගෙන යනවා.


එහෙම මහන්සි වෙල තමයි අවසානයේ ඉවසීමෙන් තමන්ගෙ කූඩුව හදන්නෙ.ඉවසීම කියන්නෙ භාවනාවක් වගේ දෙයක්.තව කෙනෙක් ඔයාට තදින් බනිනකොට සැරවෙනකොට නිහඬ වෙන්න පුළුවන් නම් එතනින් ඉවත්වෙන්න පුළුවන් නම් හිතට ලොකු බරක් වගේ නම් ඒ සැහැල්ලුව ගන්න ඒ දෙයින් ඈත්වෙන එක නුවණට හුරුයි.මොකද අපි කලබල වෙලා ඉවසීම නැතිකරගත්තොත් පසුතැවිලි වෙන්න වෙන්නෙ තමන්ටමයි.

Nadisha Nirmana Herath