Saturday, October 19, 2024
Follow Us
පුතුනි     ....මග බලා ඉදිමි..මම. .

පුතුනි ....මග බලා ඉදිමි..මම. .


මෙි ජයාරෑපය ම⁣ගේ පුද්ගලික වෛද්‍ය ආයතනයේ ගත් එකක්.. පුතෙක් තමන් අමිමගෙ අත අල්ලගෙන..මට ලෙඩක් පෙන්නනවා.පුතාට අවුරැදු දහයයි ..
මෙි පුදේශයේ family cluster එකක් තියෙනවා .ඒ අයට කන් ඇහෙන්නෑ.කතා කරන්න බෑ...
මෙි පුතු ඉපදුනේ ඒ පවුලේ .එයාට හොදට කතා කරන්න පුලුවන් ..කන ඇහෙනවා.
..මට මතකයි..එයා අවුරැදු හයේදි විතර...අමිමල.නැන්දල..මාමල..ආච්චිල.එක්කගෙන.මාව ඉස්සෙල්ලම හමුවෙන්න..එන්න ගත්ත..අමාරැවෙන් වචන ගලප ගලප...ඒ ගොල්ලන්ගෙ ලෙඩ කියනවා....
දැන් අවුරැදු දහයක කොල්ලෙක් ...
මම අහන දේ..හස්ත මුදූාවලට හරවල.ඒ ගොල්ලො එක්ක අදහස් හෝමාරැ.කරගෙන නැවත මට විස්තර කරන හැටි...බලන් ඉන්න ආසයි...
හරියට..මහ මනුස්සයෙක් වගේ..
මාව හමුවෙන්න එන්න ඉස්සෙල්ලා ⁣තම.නෑදෑයගෙ ලෙඩෙි..මෙි කොල්ල අධ්‍යනය කරනව කියල..මට හොදටම ෂුවර්....
ලෙඩෙි පටන් ගත්ත.දවස..පටන් ගන්න කොට තිබිබ හැටි..දැන් තත්ත්වය ...විතරක් නෙමෙයි...පෙර රෝග තත්ව ගැන මම අහන්න ඉස්සෙල්ලා හොදට කියෙනවා...
මම සාමාන්‍යයෙන් අහන පුශ්න ටික...මතක තියාගෙන මෙි පුංචි මොලකාරය..වැඩෙි work out කරගෙන...❣️❣️❣️❣️
මට මතක් වෙන්නෙම medical student කාලේ..රෝගීන් ගැන..අපි case history present කරපු හැටි...
මෙිකට තාම අවුරැදු දහයයි...??.
සුවිශේෂී දරැවෙක් ...මැනිකක්..
ඝනඅන්ධකාරෙ ගිලිල හිටපු ..පවුලකට...කටහඩ වෙච්චි ...සවන වෙච්චි ...මෙි සුපුන් සද.......
කවද හරි දවසක..මෙි stethoscope එක කරේ දාගෙන..මගේ අවාසනාවන්ත රටෙි.හොරැන් සුන්නද්ධූලි කරපු..අහිංසක කර කියාගන්න දෙයක් නැති..හඩක් නැති මිනිසුන් දස දහසින් සුව පත් කරනවා බලන්න මම ආසයි ....
ඒ idea එක කොල්ලගේ හිතට.දාන්න තාම.එයා පොඩි වැඩියි....
මම ඉවසිල්ලෙන් කල් මනිනවා.
❣️❣️❣️....සතර වරම් දෙවි රජවරු සතර අතින් ඇවිදින් ..
පිරිත් පැන් ඉසිති පුතුනේ..පුවක් මල් කිනිත්තෙන්...❣️❣️❣️❣️