Saturday, October 19, 2024
Follow Us
මැටිල්ඩා

එක්තරා කාලෙක මැටිල්ඩා නම් වියපත් කාන්තාවක් හිටිය.වයසින් වැඩිවුනාට ඇය නිතරම පුරුදු වුනේ ලස්සනට අදින්න පළදින්න.


" බලන්නකො විලී අර මැටිල්ඩා තාම කෙල්ල වෙන්න යනවනේ" ඒ් වීදියේ ජීවත්වෙච්ච අයට මැටිල්ඩාගේ මෙි ජීවිතය වෙනස් එකක් වුනා.
" ඒක නේන්නම් ඩල්සි කෝමත් එයාගෙ සෝබන වැඩියි "
මැටිල්ඩා තමන්ට කියන දේවල් එච්චර ගණන් ගත්තෙ නෑ.ඇයට සෑම දෙයක්ම පිළිවෙළට තියෙන්න අවශ්‍ය වුනා.දවසක් ඇයගෙ ලස්සන සපත්තු කුට්ටමක් කැඩුනා.ඒක රත්තරන් ගල් ඔබ්බවපු එකක්.ඇය ඒක ගැන ලොකු කණගාටුවකින් ගත කරන්න වුනා.
" මොකෝ මැටිල්ඩා වෙනද සැහැල්ලුවෙන් ඉන්න ඔයා අද අසතුටින් " ඇය තම කාරණාව ඩල්සිට කිව්වා.ඩල්සි ඒකට විසඳුමක් දුන්නා.පහුවදා උදේම මැටිල්ඩා කැඩිච්ච සපත්තු දෙක අරගෙන නගරයේ තිබුන හොදම සපතේරුවා මුණ ගැසෙන්න ගියා.
" කදිම සපත්තු දෙකක්.හොඳය මම මෙික හදන්නම්.හැබැයි ටික්ක මිල යයි " වෙලාවෙ හැටියට ඇය ඔහුට එය හදන්න දීම හැර වෙන කරන්නදෙයක් තිබුණෙ නෑ.
කෙහොමහරි ඇය ,ඔහුට කියා සපත්තු ජෝඩුව හදාගත්තා.නගරයේ ලොකු උත්සවයක් තිබුන.ඒ උත්සවයට මිල අධික සපත්තු තෝරගන්න තිබුන නිසාම ඇය එම සපත්තු ⁣පැළඳ එයට සාභාගිවුනා.
" බලන්න ඒ පාර තරගෙට මැටිල්ඩත් ඇවිත් " තරගයට ඉදිරිපත්වෙමින් සිටි ඩල්සිට එහෙම කිව්වෙඒ වීදියේම කාන්තාවක්
" බලමුකො" තරගය ආරම්භ වුනා.මෙි ප්‍රීතීමත් අවස්ථාවට අර සපතේරුවා ද පැමිණ සිටියා.ඩල්සි,ඔහු සමග සිනාසුනා.කෙසේ හෝ තරගයේ විනිශ්වය කරනවිට මැටිල්ඩා ගේ සපත්තු වලආලේප රන් ව්‍යාජ ඒවා බව දැනගෙන ඇයට විනිසුරුවන් ඉවත්වන්නැයි පැවසුවා.
ඩල්සිගේ වාරය එළඔුනේ එවිටයි.ඇයට සිදුවූයේ පට පැටලී වෙිදිකාවෙි වැටීමටයි.එය දැක මැටිල්ඩා ඇය ව ඔසවාගෙන එනවිට සපත්තුවෙන් ගැලවුනු රන් කැබැල්ලක් බිම වැටී තිබෙනු දුටුවා.ඇගේ නෙත් වික්ෂිප්ත වුනා.
" ඒක කොහෙන්ද මෙතනට "
වෙිදනාවෙන් බිම වැටී සිටින ඩල්සි සියල්ල පැවසුවෙි අඩමින් හා කකුලේ ඇතිවූ ⁣වෙිදනාවින්.මැටිල්ඩා ගේ සපත්තුවෙි රණ කැබලි අයින් කර ඒවා ඩල්සි වෙත ලබා දී සපත්තුව හැදුවෙි තම කලණ මිතුරා වන සපතේරුවා වන බව ඇය පැවසුවා.ඒ මොහොතේ ඇගේ මයික් එක ක්‍රියාත්මක වූ නිසා සියල්ලන්ටම එය ඇසුනා.අවසානයේ ජයග්‍රාහිකාවවූයේ මැටිල්ඩායි.
තවකෙකුගේ දෙයක් හොරෙන් ලබාගන ජයක් ලබන අයට පරාජය කොයිවිදියකින් හරි අත්වෙනව.අවංකයා දිනෙක ජයගන්නව.
©නදීෂ නිර්මාණ හේරත් - ස්වතන්ත්‍ර කතාවකි (කතෘ අයිතිය සුරකින්න)