Saturday, October 19, 2024
Follow Us
Pens

මේ තියෙන්නේ පෑන්, සම්පූර්ණ ප්ලාස්ටික් කිලෝ 1ක් 1.5ක් විතර.


සීමාවාසික වෛද්‍ය පත්වීම ලැබ මාස එකහමාරක් විතර ගෙවෙන තැන මට තේරුම් ගියා මම දවස් දෙකකට/තුනකට එක පෑනක් විතර පරිසරයට විසි කරනවා කියලා.
ඉතිං එදා ඉදං මාස 13යි සතියක් දීර්ඝ සීමාවාසික කාලයේ මම විසින් පරිසරයට එකතු කරන්න නියමිත වෙලා තිබුන තීන්ත ඉවර පෑන් මම එකතු කරා. දැනට අඩුම ගානේ පෑන් 150කට වඩා මගේ ලග තියනවා.
මගේ co Ho ලා සමහර වෙලාවට හිනා උනා උබ මොනාද මේ පෑන් වලට කරන්නේ කියලා.
මම කිව්වේ මම මේවා atlas කම්පැනියට යවනවා කියලා.
මාත් එක්ක සීමාවාසික වෛද්‍යවරු 1400ක් විතර සේවයට එකතු උනා.අපි සේවය අවසන් කරද්දි අඩුම ගානේ ප්ලාස්ටික් කිලෝ1400ක් පරිසරයට මුදාහරිනවා.
Atlas වගේ දේශීය සමාගමක් මේ පරිසර දූශනයට යමක් කලයුතුයි කියලා මම මුල ඉදං විශ්වාස කරා. පුරුදු පරිදි මගේ වටේ හිටපු උන්ට දේශන දුන්නා (?? පවු , සොරි)
ඇට්ලස් වගේ සමාගම් වර්ජනය කරන්න ඕන කියලා මිනිස්සු කියද්දි දේශීය සමාගමක් නිසාම මම මිලදී ගත්තේ උන්ගේ පෑන්මයි.
අපි වගේ පාරිභෝගිකයන් වෙනුවෙන් දේශීය සමාගම් හා රජය මේ වගේ පරිසර දූශනයන් වෙනුවෙන් යම් පියවරක් ගන්න ඕන.
ඊයේ මම දැක්කා රජය හා ඇට්ලස් සමාගම පෑන් ප්‍රතිචක්‍රිකරණය පටන් ගන්නවා කියලා.
Hats off මෙන්න මගේ ගානේ කිලෝ එකහමාරක් පෑන්
Reduce - කරන්න අමාරුයි
Reuse - මගේ ලග තියන බහුතරයක් reuse කරන්න පුලුවන්
Recycle -අනිවාර්‍යෙන්
පෑන් එකතු කරන එක ට්‍රෙන්ඩ් එකක් කරමු.
පරිසරයට රටට අපිට කරන්න පුලුවන් පොඩි උදව්ව කරමු

Nipuna Jeewantha Wadimuna