Saturday, October 19, 2024
Follow Us
අම්මෙි අපිට රොටි

" අම්මෙි අපිට රොටි දෙන්න.කට්ට සම්බෝල එක්ක"


රොටි කනකොට ඒ අම්මා අහිංසක විදියට හිනාවුනා.එහා පැත්තෙ හිටිය පුතා ⁣තේ හදන්න ගත්තෙ අපෙන් අහල නෙමෙයි.රොටිය කෑවහම ටී එකක් බොන එක තමයි විදිහ.ගමන් මහන්සිය කොහෙන් ගියාද නෑ.ඒ තරමටම ඒ පරිසරය සිසිල්.
අවුරුදු ගානක ඉදන් පාරම්පරිකව කොස් කැලේ ඒ කියන්නෙ කුරුණෑගල දඔුල්ල පාරෙ තියෙන මේ ස්ථානයෙ තිබුන රොටි කඩ කඩලා ඉවත්කරල දාලා තියෙනව.සමහර අය නම් කියන්නෙ ඒක කලේ මාර්ගය දෙපස මංතීරයන් හදන්න කියල.කොහොම වුනත් රොටි විකුණන අම්මලා ආච්චි අම්මල ඩෝසර් උඩ නැගගෙන පපුවට ගහගෙන කිව්වෙ අපි කෝමද මෙිවා කඩපුවහම ජීවත්වෙන්නෙ කියල
මීට පෙර බඩගමුව කැලේ දෙපැත්තෙ තිබුන ඔය විදිහෙ කඩ.ඒවටත් පහු කාලෙ ඔය වගේ දෙයක් වුනා.මෙතැන හොදටම මතක ඇති දඔුල්ල පොලොන්නරුව පැත්තෙ යද්ද මහන්සියට වාහනේ නතර කරල යන අයට නම්.
විශේෂයෙන් ඔය මියුසිකල් ෂෝ වලට ගිහින් ලංකාවෙ ගොඩක් බෑන්ඩ් මෙි තැන් වල නවත්තනව අර රොටියෙ රහ විදින්න තව ඉතින් සප්පාටමට.රටක වෙනස් වෙන්න ඔිනා ඒ රටෙි උප සංස්කෘති නැතිකරන්නෙ නැතිව.ජන ජීවිත අවුල් නොවන විදියට.අර අහිංසක අම්මලා තවමත් හූල්ලනව ඇති.කවුරු හරි තැනක් දෙයි රොටී විකුණන්න.ඒත් අර තරම් සරුවට ඒක වෙයිද.ග්‍රාමීය ජන ජීවිතයට මෙික අතුල් පහරක් කියල තමයි දැනෙන්නෙ

නදීෂ නිර්මාණ හේරත් ?️