Saturday, October 19, 2024
Follow Us
කරාපිටිය ශික්ෂණ රෝහලට වැඩියෙන්ම එන මුහුදු ජීවී ප්‍රශ්නය..

මචං ඊයේ සැන්මිරා හෝටලය ඉස්සරහා බීච් එකේ නාන්න ගිහින් මගේ යාලුවෙක්ගේ කකුලේ ඉකිරි කටු ඇනිලා ඇඩ්මිට් කරා..අපි කටු ගලවන්න බැලුවා ,කටු ගලවන්න බෑ කැඩුනා කෑලි හම ඇතුලේ ඉතුරු වෙන්න..ඊයේ රෑම කකුල ඔපරේෂන් කරලලු..


මෙය මට නිතරම අහන්න ලැබෙන දෙයකි..මහා රෑත් ඇතැම් යාලුවෝ කෝල් දී අසති, ඇඩ්මිට් නොවී ගොඩයන ක්‍රමයක්..
මුහුදු ඉකිරින්ගේ ඇත්තේ ඉතා කැඩෙන සුලු ඉදිකටු වැනි කණ්ඨකයන්ය..ඒවා ඇනෙන්නේ අපි ඉකිරි‍යා මත පය තැබුවහොත් පමණි..ඉකිරි කටුවල විස නැත.
(කාලාතුරකින් ඉකිරි ඇල්ලීමට ගොස් අතේ සහ ඇඟේ ඇනගෙන එන අවස්ථාද නැතුව නොවේ..)
කටුවක් ඇනුන විට එය වේදනාකාරී වුවද බියට පත් නොවන්න..එම කකුල බිම නොතබා ගොඩබිමට පැමිනෙන්න.ඉන්පසු ට්විස්ටරයක් භාවිතා කර හැකි නම් පමණක් එලියට නෙරා විත් ඇති කොටස් ඉවත් කරන්න..(අතින් නොගලවන්න)
ඇණුන කොටස පාදය ගැඹුරට ගොස් ඇත්නම් රෝහලට පැමිනෙන්න ..වේදනා නාශක සහ ප්‍රතිජීවක රෝහලෙන් දෙනු ඇත..එලෙසම X ray එකක් ගෙන එය උපයෝගී කරගෙන කටු ඇති තැන් හොයාගෙන ,සැත්කමක් මගින් හැකි පමන කටු ඉවත් කරනු ලැබේ..
ඇතැම් ඉකිරි ඇනීම් දීර්ඝකාලීන හානිකර පැසවීම වලට ලක් වේ..

(Facebook)