Saturday, October 19, 2024
Follow Us
බලාපොරොත්තුවේ පරීක්ෂණය..................

1950 ගණන්වල සිදුකල අධ්‍යයනයක දී, වෛද්‍ය Curt Richter මීයන් වතුර තටාකයක තබා කොපමණ කාලයක් ජලයේ පිහිනමින් තම ජීවිතය බේරා ගැනීමට වෙහෙස දැරිය හැකිද යන්න පරීක්ෂා කළේය.


සාමාන්යයෙන් ඔවුන් ජලයට අත්හැර දමා විනාඩි 15 කට පසු ගිලී යන බව නිගමනය විය
නමුත් විඩාව නිසා ඔවුන් තම උත්සහාය අතහැරීමට පෙර, පර්යේෂකයන් ඔවුන්ව තටාකයෙන් ඉවතට ගෙන වියළා, මිනිත්තු කිහිපයක් විවේක ගැනීමට ඉඩ දී නැවත දෙවන වටය ලෙස තටාකයට දමා ඇත.
මෙම දෙවන උත්සාහයේදී - ඔබ සිතන්නේ ඔවුන් කොපමණ කාලයක් උත්සාහ කරමින් සිටියා කියලද ? ?
තව විනාඩි 15ක්?
විනාඩි 10?
විනාඩි 5ක්?
නැත!
ඔවුන් පැය 60 ක් පුරා තම උතාඅහය අතහැර දමා නැති බව ඔවුන්ට අවබෝධවන්නට විය! ?
පරීක්ෂණයේ අවසාන නිගමනය වූයේ මීයන් අවසානයේ ඔවුන්ව ගලවා ගනු ඇතැයි විශ්වාස කළ බැවින්, ඔවුන් කලින් කළ නොහැකි යැයි සිතූ දේ ඉක්මවා කටයුතු කල බවය...
මෙයින් අපට ගතහැක්කේ කුමක්ද ?
බලාපොරොත්තුව නිසා වෙහෙසට පත් මීයන්ට එතරම් කාලයක් පිහිනීමට හැකි නම්, ඔබ සහ ඔබේ හැකියාවන් පිළිබඳ විශ්වාසයක් ඇති නම් ඔබට ඔබ වෙනුවෙන් කුමක් කළ හැකිද?
ඔබට කළ හැකි දේ මතක තබා ගන්න. ඔබ මෙහි සිටින්නේ මන්දැයි මතක තබා ගන්න.
දිගටම පිහිනන්න ජීවන සාගරය තුල ✊✊✊
පරිවර්තනය : අතාත්වික

(Facebook)