ඉසබෙලා හිටියෙ තම පුතා ගැන ශෝකයෙන් ඇය තවමත් අසනීපයෙන්.පහුගිය පැය කිහිපය තුල තද වැස්ස නිසා පරිසරයත් සිසිල් වෙල තිබුන.
" වෙරෝනා දැන් කෝමද ශෙරෝ ඔයාට "
ඔහු අනික් පැත්තට හැරෙන්න වුනා.ශෙරෝ පෙරදා තමන්ට සෙල්ලම් කරන්න යන්න නොදුන් නිසා උරනවුනු බව ඇයට දැනුන.
" ඔවුන් හොද මිතුරන් නෙවෙි ශෙරෝ" අැය ලොකු හුස්මක් පිට කලා.
ශෙරෝගෙ කාමරේ ජනේලය ලගට බලු පැටියෙක් හැමදාම ආවා.ඔහු ඌ එක්ක තනියම කතා කලා.
" අද එයා නෑ වගේ අම්මා "
" ඒවි " ඇය පුතුට බලා සිටියා.
දින දෙකක් පමණ ගතවුනා.ශෙරෝ හැමදාම අර බලු පැටියා එනකන් බලාගෙන හිටිය.
" අම්මෙ එයා මා එක්ක තරහ වෙලාද "
" නෑ පුතා ,හිම වැටෙන කාලෙ පටන්ගත්ත නිසා වෙන්න ඇති"
හවස් යාමේ ඇගේ නිවස අසල නිවසක සිටි විල්සන් මහතා ඇගේ ගෙදර දොරට තට්ටු කලා.
"මිසිස් මෝනියා"
" ආ මිස්ටර් විල්සන් කියන්න"
කිසිවෙකුගෙන් නොඅසා ඔහු නිවසට ඇතුළුව අසුනකට බර වුනා.
" අර ශෙරෝ බලන් ඉන්න බලු පැටිය ඊයෙ නැතිවුන"
" දෙයියනේ එතකොට පුතා..."
අැයට ලොකු ගැටලුවක බව ඔහු දැනගෙන උන්නා.
" අම්මෙ ශෙරෝ නැද්ද" නිදා සිටි ශෙරෝ නැගිටල ඇහුව.
" පුතා මම ශෙරෝගෙ දරුවෙක් ගෙනාව මෙන්න "
විල්සන් කුඩා පෙට්ටියක් මේසය මත තිබ්බ අතර ඉන් පිටතට ගත්තෙ පුංචි බලුපැටියෙක්.
ශෙරෝ ඇදෙන් නැගිටින්න උත්සහකලා.ඔහුගේ එක් කකුලක් ඇන සවිකර තිබෙනු දැක විල්සන් පුදුම වුන.ඔහු ඇය දෙස බැලුව.
"ඔව් මිස්ටර් විල්සන් එයාපොඩි දෙයින් හරි සතුටුවෙන්නෙ එයාට පිටස්තර අය එක්ක සෙල්ලම් කරන්න බැරි නිසා.දැන් එයාට තවත් යාළුවෙක් ඉන්නව " ඉසබෙලා පුතුගෙ හිස අතගෑවා.
©නදීෂ නිර්මාණ හේරත් - ස්වතන්ත්‍ර නිර්මාණයකි (කතෘ අයිතිය සුරකින්න)