Saturday, October 19, 2024
Follow Us
වීර්සාරා

සිනමාව තුල ආදරය මවන විදි ගොඩක් වෙනස්.ඒ වෙනස හරියටම තේරුම් යන වීර්සාරා කියන්නෙත් එහෙම කෘතියක්.ඒක හරියට අපිව වෙනම ලෝකෙක ගිල්වල තිබ්බ වගේ එකක්.මට මතක විදියට දෙදහේ මුල් වකවානුවෙ වගේ තමයි සිනමාශාලා වලට ආවෙ.


වීර්ට සාරා නොලැබෙනව.ඒකට හේතුව වෙන්නෙ ඔහුගේ ආගම හා ඇගේ ආගම.ඒකෙන් පස්සෙ වෙන්වෙල යන දෙන්නා නැවත මුණගැහෙන තැන හා ඒ අතර තිබුනු සිනමා ආඛ්‍යානය හරිම අපූර්තමනිර්මාණ පරිහරණයක්.අද වැඩිපුර ශෙයා වෙච්ච වීර් සාරා ගැන මතකය අවුස්සන පින්තූරය දැක්කහම මොකුත් නොලියා ඉන්න බැරිවුනේ ඇත්තටම ඒ සිනමා ෆැන්ටසිය හීනයක්ම වෙන නිසා.
අවුරුදු ගානකට පස්සෙ වියපත් කාලයක හමුවන පෙම්වතුන් ගැන හිතන්නවත් අද අමාරු වෙන්නෙ සමහර කාර්යබහුලතා වගේම ආත්මාර්ථය පමණක් ලඝු කරන ප්‍රේම වෘත්තාන්ත අද බහුල නිසයි.
සාරාගේ පැහිච්ච කෙස් වීර්ට ගැටලුවක් වුනේ නෑ.වීර්ගෙ ඇහේ යට තියන රැලි සාරාට ගැටලුවක් වුනේ නෑ.ඒ ඇතුලෙ තියෙන විශේෂිත දේ ඒකයි.නමුත් අතක් කකුලක් කැඩුනම හෝ ලොකු අසනීපයක් වුනාම හෝ ලොකු රෝගයක් හැදුනාම පවා හැර යන ප්‍රේමය බහුල සමාජයක
වීර් - සාරා කියන්නෙ අමරණීය ප්‍රේමවෘත්තාන්ත.අවාසනාව ඒ තුල තියෙන දේ වටහාගැන්මට තරම් නොහැකි සමාජයක අප ජීවත්වීම.
නරඔල නැත්නම් නැවතත් නරඔන්න..
චිත්‍රපටියෙ මම වඩාත් කැමති කොටස් දෙකක් තියෙනව.එකක් තමයි සාරාව බේරගෙන හෙලිකොප්ටරයේ දිග කඔයක එල්ලිල එන වීර් සහ දෙදෙනා නැවත වසර ගාණකට පස්සෙ හමුවෙන වියපත් කාලෙ කොටස...
නරඔන්න නරඔල තියෙනව නම් නැවත නැරඔුවට පාඩුවක් නෑ.
නදීෂ නිර්මාණ හේරත්