Saturday, October 19, 2024
Follow Us
සම්මාන

සම්මානනීය වෙනව කියන්නෙ ක්ෂේත්‍රයේ යම් කිසි අවස්ථාවක ඔහු හෝ ඇය ගැන කතාබහට ලක්වෙන වැඩිම කාලය කියල කිව්වොත් හරියටම හරි.මෙික කලාව තුල නම් මම දකින්නෙ ඔවුන් එකිනෙකා කරපු මෙහෙය කෙරෙහි දක්වපු සේවය හා වගකීම පෙරදැරි කරගත් ගමන ඇගයීමක් කියන එකටත් වඩා වෘත්තීමය වටිනාකම් වැඩිවීම.


යම් කිසි කෙනෙකුට සම්මාන ලැබුනම ඇතිවන හිතේ ප්‍රහර්ෂය වචන වලින් කියල නිම කරන්න බෑ ඒ වගේම ඔහුට හෝ ඇයට ඉදිරිගමන යන්න ඒක ආශිර්වාදයක් කරගන්නව.මෙි කාලෙ සම්මාන ගැන ගොඩක් කතාබහට ලක්වෙන වසර දෙකකට වගේ පසුව දැන් තමයි ලෝකයම නැවත වැඩ කටයුතු කරගෙන යන්නෙ අන්න එවන් අවස්ථාවක ඒ ඒ ක්ෂේත්‍ර⁣යන්හි නව ප්‍රවනතා වගේ ම එයට අැති සමාජීය උනන්දුව වර්ධනය වගේම තියන්න තිබුන සම්මාන උලෙලවල් පසුව හෝ තිබීම එක දිගටම සම්මාන උලෙලවල් තියෙන්නට හේතුවයි.
මේ අතරෙ අපි තව කෙනෙකුගෙ සම්මානය ඇගයීම් කරන අතරෙ ඇතැම් නිර්මාණයක් හෝ කෙනෙක්ට සම්මාන නොලැබීම කෙරේ නිර්ධය විවේචන දකින්න ලැබෙනව.ඇත්තටම කිව්වොත් ඒකට ලොකු ඉතිහාසයක් තියෙනව.
" ඒ ටෙලිය සම්මානයකට සුදුසුයි.ඇයි නොදුන්නෙ"
" බලන්න එයාගෙ ඇක්ට් එක.විනිශ්වය මණ්ඩලය වරදක් කරල තියෙන්නෙ"
" මට මෙි සම්මාන විශ්වාස නෑ " ඔය වගේ කතා සම්මාන උලෙලවල් වලින් අැහෙනව.ඇත්තටම සම්මාන උලෙලක් කියන්නෙම හැමෝම සතුටු කරන දෙයක් නෙවෙි.ඒකට යම් යම් දේ බලපානව.කෙනෙක් කියයි විනිශ්වය කරන අයගෙ පෞද්ගලික කැමැත්ත කියල.නමුත් ඇත්තටම බැලුවොත් ඔය කියන විදියට සම්මාන දෙන්න නම් රොබෝලව ගන්න වෙනව.මොකද මිනිසුන්ගෙ සිතුම් පැතුම් එකක් තමයි සම්මානයකට කෙනෙකුව තීරණ කරන්නෙ.
සම්මානය කියන්නෙ ඔබට ලැබෙව වටිනාම දෙයක්.එය තුල අනෙකා⁣ව විවෙිචනය නොකර අනෙකාගේ නිර්මාණයට නොලැබීම හා අනෙකාට ලැබීම විවේචනය නොකර සිටීමම සම්මාන නොලැබුවත් කිසිවෙකු හෝ දරන සම්මානනීය භාවයයි.
නදීෂ නිර්මාණ හේරත් ✒️