Saturday, October 19, 2024
Follow Us
කොටු තැන් වල ඉන්න මිනිස්සු රවුම් තැන් වලට විතැන් වෙනව

ඒක මට නිකන් ආපු අදහසක්.අපි හොදට දැක්ක එහෙමත් නැත්නම් යම් වෙනම දර්ශනයක් එක්ක ගිය මිනිස්සු ,නූතනවාදය ගැරහීමකට ලක්කල මිනිස්සු එක සැරේටම තමන්ගෙ ට්‍රැක් එක මාරු කරනව දැකල තියෙනවද.ඇත්තටම එහෙම වෙන්නෙ ඇයි කියල ඔයාලා නිශ්චිත ව හිතල නැතිව ඇති.අපි හිතන්නෙ එයාලට නොමැති අවකාශය හොයාගන්න කරන දෙයක් කියලයි.නමුත් ඒක එහෙමම නොවන්නෙ ඔවුන් කිසිම වෙලාවක හිතන්නෙ නෑ අලුත් අවකාශයක් දිනාගන්න.


ඒකට හේතුව වෙන්නෙ අලුත් අවකාශය ඇතුලෙ තමන්ගෙ මතයන්ට ගැලපෙන අය හොයාගන්න පුළුවන් වෙයිද කියන එක සැකසහිත නිසාමයි.ඉතින් ඒකට කරන හොදම දේ තමයි අර විදිහෙ කණපිට ගහන දෙයක් කිරීම.
මෙික අපේ වචනෙන් වෙනස කියල අහන්න ලැබෙනව.වෙනස කලාට පස්සෙ අපෙන් ඒ දේ ගැන නිතර කවුරුත් කතාකරයි කියන හැඟීම එනව.ඒ වෙනස ගැන කතාකරන්න කතාකරන්න තව වෙනස් වෙනව.අන්තිමෙිඑතනින් පරණ විදියටම එන වෙනසකට එනව.මෙික සිදුවෙන්නෙ අපි බාහිරෙන් වෙනස් වුනත් අපේ ඇතුලාන්තය වෙනස් කරගන්න අපි එතැනට කාලය නොදෙන එක.ඒ හින්දා වෙනසකට යන්න හිතනව නම් ඇතුලාන්තයට ටිකක් කාලය දෙන එක තමයි හොද.

Nadisha Nirmana Herath