Saturday, December 28, 2024
Follow Us
අනේ අම්මෙ මට බයයි

" රතු මහත්තයගෙ බෝට්ටුව ⁣,කෙල්ලෙ ඔය ඇති ඇතුල්ලුව යමු යන්ට " මාරියා කලබලයට තව ටිකෙන් සෝදපු රෙදි පවා බිම වැටෙන්න ගිය අතර සේපාලි ඒවා නැවත අල්ලාගත්තාය.


" ඇයි අම්මෙ අපි හැමදාම මෙහෙම බයෙන් "
" යකෝ,වයසක මං ගැන නෙවෙි.ඇහැට කනට පේන්න හිටිය බතීට ඔය යකා ගහලනෙවෙි.රතු මහත්තයගෙ වැඩක් " එහෙත් සේපාලිට නම් මෙික ඇතිවෙලාය.
දෙදෙන ලහියේම යාමට සූදානම් වෙන විට ,
" අා අම්මල දුවල කෝමද" බෝට්ටු මෝටරය වසා සෙමින් වැව් තාවුලට ආ රතු මහත්තයා රත්පැහැව ගොස් ඇති මුවින් විරිත්තයි.
" අපි මෙි යන්ට කියල"
මාරියා අඩිය ඉක්මන් කලේ සේපාලිවත් අතින් ඇදගෙනය.
" මොක හදිස්සි.උඔලට ගිහින් තේවතුර උණු කරන්න මිනිහෙක් වත් ගෙදර ඉන්නවැයි"
" තුහ් මමකිව්වකියල හිතාගනින් .. "
මව රතුමහත්තයාගෙ මුහුණට කෙලපාරක් එල්ල කිරීමම සේපාලිට බිය දුන්නාය.ඇය ගමන් ඉක්මන් කලාය.
" යකෝමනුස්සකමට කතාකලේ.මූණට කෙලගහන්න අපි සත්තුද බං "
රතුමහත්තයාගෙ කටහඩ ඈතට ඇහෙන අතර මවත් දියණියත් වංගු පාර පහු කලාය.
"මම කිව්වෙ කෙල්ලෙ ඔිකා වසවර්තියා" අම්මා එලෙස කීවාට අැගේ සර්වාංගයම වෙව්ලයි.
*********************
" ආරංචිද මුදලාලි "මනතුංග කඩෙිඅරිද්දීම කුඩා බංකුව මත වාඩිව සිටි සිර්පිනා තම පන්මල්ල එතැනින් තැබුවාය.
" උඔල මෙි උදේමමොකක්හරිඅසුබ කතා කොරලබිස්නස් පාඩු කරනව හෙම නෙවෙි"
ඔහු කඩෙි ලෑලි පියන් හයියෙන් අනෙක්පැත්තට තබා ලණු ගැට ගසමින්පැවසුවෙිය.
" ඊයෙ හවහ මාරියා ,රතු මහත්තය⁣ගෙ මූනට කෙලගහල"
" එ්කා ගෙ අලුගුත්තේරු වැඩක් වෙන්නැති"
"නෑ බං මුදලාලි"
" ඔව් වෙන්න බෑ තමා,අනික මාරියා ටත් දැන් පනහකටලගයි මගෙ හිතේ"
" මුදලාලිගේ මතකෙ තමා මතකනෙ.මටත් මතකනෙ මාත් දවසක් ඉද්ද මාරියා කඩෙි ස්ටෝරුවඇතුලටම ගියා බඩු තෝරන්න" ඇය බුලත් කෙල ගසයි.
" ආ එව්යින් කාරි නෑ.ක⁣ඩෙි ඇරගන්න ඉදහන් "
************
රතු මහත්තයා සිටියේ සිත් තැවුලෙනි.ඔහු තමන්ගේ බෝට්ටුව අසල වූ ලදු කැලෑව තුලට වැදුනේ තම සගයා එක්කය.
"රතු මහත්තය අපි උගන්වමුද හොදපාඩමක් "
" කලබල මොකටද විසාල.හැමඑකාම ලගදිම දැනගනී රතු මහත්තය ගැන"
එහෙත් විසාල හිතුවෙඑය රතු මහත්තයා එකවර ප්‍රතිචාර දියයුතු ප්‍රශ්නයක් බවය.
*******************
සිරිමල් ගස් කදෙන් නැගිට සේපාලි අසලට පැමිණෙයි.
" මමකිව්වනේ සිරිමල් අපි හොදින් ඉමු "
" අයියෝ සේපාලි මම නාදුනන කෙනෙක්ද."
"ඉතින් ඇයි අපිට ඊලග පෝය වෙනකන්ඉවසන්න බැරි.එතකොට මම ඔයාලගෙ ගෙදරනෙ"
සේපාලි එසේ කීවද සිරිමල් ඇය අසලට පැමිණි අතර ඇය ගේ සීමාව ඉක්මවා ගියාය.ඇය ඔහුව ගසා දැමුවාය.
" කවුරුත් මෙතන පේන්නනෑ"
"අනේ" සිරිමල් තමන්ගේ කමිසය ගලවන්න විය.
⁣" බෙිරගන්න බෙිරගන්න "
****************
තම දියණිය මෙතරම් සුනංගු ඇයි කියා මාරියා කලබල වූවාය.ඇය මනතුංග මුදලාලිගෙ කඩයටදගියාය.
" කෙල්ලට අර රතු මහත්තය හදියක්..""
"මුදලාලි මම කිව්ව කියල හිතේ තියාගනින්"
" ආ අන්න බලපන මම කිව්වෙ"
අෑතින්මනතුංග ,සේපාලිව ඔසවාගෙන එනවිට කේන්තිය වාඇවිල ගිය මාරියා කඩෙි යකඩ පොල්ලඔහුට නොපෙන්න අතට ගත්තාය.
" හිටහන් ඔය මොකදකරන්න යන්නෙ"
රතු මහත්තයා හෙමින් තම දියණිය රැගෙන පැමිනෙන විටමාරියා සැගවුනාය.
"මොකද රතු මහත්තයා මෙි"
" සේපාලි පහල වත්තෙ ඉන්නකොට..." එහෙත් රතු මහත්තයාට කිසිත් කියාගන්න බැරිවිය.මාරියාගේ යකඩ පොල්ල හිසේ වැදීඔහු ලේ බිම තෙත් කරමින්ඇද වැටිණ.
" දෙයියනේ මාරියා"
"වනචරයා අනේ මගෙ කෙල්ල" මුදලාලිගේ බිරිද ඛෙිමා පැමිණ වතුර පොදක් ඇයට ඉසුවාය.
" අනේ අම්මෙ මට බයයි."
"මම ඌ⁣ට පාඩමක් ඉගැන්නුව.බලපන්"
ලේ විලක් මැද සිටින රතු මහත්තයා දැක සේපාලි විලාප තැබුවාය.
" අනේ අම්මෙ සිරිමල් මට වැරදි දෙයක් කරන්න හදද්දි රතු මහත්තයා නොහිටින්න මම ඉවරයි
ඇගේ වචන එක්ක ම තම අතේ වූ යකඩ පොල්ල මාරියාගෙන් බිමට වැටින.
" අනේ දෙයියනේ,මව මොකද්ද මෙි කරගත්තේ " තම අවුල්වූ හිස කේ තවත් අවුල් කරමින්ඇය ඔහේ ගමන් කරන්නට වූයේ අරමුණු විරහිතවය...ඒ වෙද්දිත්රතු මහත්තයා අවසන් හුස්ම හෙලා තිබිණ.
©නදීෂ නිර්මාණ හේරත් - ස්වතන්ත්‍ර කතාවකි ( කතෘ අයිතිය සුරකින්න)