ශ්‍රී ඡවරහල් නේරු උග්‍ර අධිරාඡ්‍ය විරෝධියෙක් විය. නමුත් ඔහු ආදරය කලේ ඉංදියාවේ බ්‍රිතාන්‍ය පාලනය කල අවසන් නිත්‍ය නියෝඡිත මවුන්ට්බැටින් සාමිවරයාගේ බිරිදටය. එල්විනා මිය යන තෙක් පැවති ඒ සම්බන්දතාවය නේරු පවුලට හෝ මවුන්ට්බැටින් සාමිවරයාට රහසක් නොවීය. ඉංදියාවට නිදහස දී ඉන් මවුන්ට්බැටින් සාමිවරයා සහ එල්විනා පිටව ගියත් වසරකට දෙවරක් හෝ තෙවරක් ඇය තනිවම ඉංදියාව බලා ගියාය. ඒවා සියල්ල අතිශය පුද්ගලික සංචාර විය. ඇය ගුවන්යානයෙන් බැස කෙලින්ම ගියේ නේරුගේ අග්‍රමාත්‍ය මන්දිරය බලාය. බොහෝ විට ඇය ඒ නිවාඩු ගතකලේ නේරු සමග කාශ්මීරයේ යැයි කියති.
අවාසනාවන්ත ලෙස එල්වීනා 1960 දී බෝර්නියෝ දුපත් සංචරයකදී මිය ගියාය. එවිට ඇයට වයස 58 කි. ඇය මිය ගිය කාමරයේ ඇද උඩ විසුරුණු ලිපි කිහිපයක් විය. ඇද පාමුල සුට්කේසයක් පුරා තවත් ලිපි එකතුවක් විය. ඇගේ කාමරයට පැමිණි මවුන්ට්බැටින් සාමිවරයාට හා දියණිය වු පැමේලාට ඒවා දර්ශනය විය. මේ සිද්දියෙන් අනතුරුව පැමේලා මවුන්ට්බැටින් මෙසේ ලියා තැබුවාය.
‘‘........ ඒ ලිපි කිසිවක් මගේ පියා ඊට පෙර දැක තිබුනේ නැහැ. ඔහු මට කීවා ඔහු ගේ හදවත තුවාල කිරීමට සමත් කිසිවක් ඔය ලිපි තුල නොමැතිබව. නමුත් ඒ ඉතාමත් ලොකු හදවතක් ඇති මගේ පියා කීවා කමක් නෑ ඔයා මගේ ඉස්සරහ ඔව කියවන්න කියල. මන් හිතන්නෙ යම් සැකයක් මා තුල තියේ නම් ඔහුට අවශ්‍ය වුනේ ඒක නැති කරන්න. ඔව් මගේ තාත්ත කිව්ව වගේම ඒ ලිපිවල අපේ හදවත් තුවාල කරන්න තරම් කිසිවක් තිබුනේ නැහ. ඒව ඒ තරමටම විශිෂ්ඨ රීතියකට අනුවයි ලියල තිබුනේ. නේරුගේ එක ලිපියක් පටන් අරන් තිබුනෙ මෙහෙම, ඒක ලියල තිබුනෙ ඉංදියාවට නිදහස හම්බවෙන්නත් ඉස්සෙල්ල ‘‘ මධ්‍යම රාත්‍රියේ මුලු ඉංදියාවම නිදන විට මා නිදහස හා ආදරය ගැන විචිත්‍රවත් සිහිනයක් දකිමින් සිටින්නෙමි දෙනෙත් නොපියාම ‘‘
එල්විනා ආර්යාවගේ අවසන් කැමැත්ත අනුව අැගේ දේහය මිනීපෙට්ටියක හොවා බ්‍රිතාන්‍යයේ දකුණු වෙරළබඩ මුහුදේ ගිල්වා දැමිය යුතු විය. ඒ අනුව බ්‍රිතාන්‍ය රාඡකිය නාවික හමුදාව ඇගේ දේහය පරිවාර බෝට්ටු සහිතව නෞකාවකින් මුහුදු පත්ලට සෙමින් සෙමින් ගිල්වද්දි ඉංදියාවේ සිට නේරු විසින් සිය ආදරණියයා වෙත එවු ඉංදීය නෞකා රාඡිණිය මුහුදු දිය මත ඉංදියානු මල් විසුරවමින් සිටියාය.
==============================================උපාලි ජයසිංහ ===========