එපා තව ලංවෙන්න ...
අඩිසද්දෙටත් බයයි මං...
හඩ ඇහෙද්දිම "වේ..."
දෝංකාර දෙයි ලක්ෂ වාරයක් ...
එපා මට මේ හුස්ම දැන් ඇති
දුවත් දීගෙක ගිය දිනේ ...
පුතත් ලොකු මිනිහෙක්නෙ දැන් ...
බයක් නැහැ මාරයට මං ...
කඳුළු ඉවරයි , සුසුම් ඉවරයි
වචන හිඳිලා බොහෝකල් ...
උගස්කර දෑවැද්ද , අබරණ ,
සිඹිනු දුටුවෙමි බොහෝ මල් ...
අද මැරෙයි , හෙට මැරෙයි කියලද
වීසිකල හපය, ගරහා ...
බෙහෙත් පෙත්තක් , වතුර උගුරක්
නොපැතු මට ...
ගනිනවද බිල් ...
එපා ගෙයි ගිණි පිටට
දැවී අළු වූ නම්බු රැක්කා ...
දරුවො නාමෙන් හැඟුම් හකුලා
අපායම දෙවුලොවට වික්කා ...
නරුම දෑතිං , රුදුරු වදනින්
නුඹේ වරදින් මාව දැක්කා ...
පෙට්ටියට මම සල්ලි බැන්දා
කැමති එකියක් ගෙනෙන් දක්කා ...
( සලකපං ආදරෙන් ඒකිට )
...ශ්රිමතී වල්පොල ...