Friday, May 23, 2025
Follow Us
මෝහිනි ලියයි
 
පිරිමින්ට වින කරන
ඒ මමයි මෝහිනී
මටත් පෙර බවයකදි
ප්රේමයක පෑහුනී
උට ආලෙ පෙන්නන්න
මගෙ සීලෙ නෑහුනී
අන්න ඒ පාපයට
කළලයක් පීදුනී
_________________________________________
සලලෙකුට රැවටිලා
උනේ අව නඩුවක්
දැන් ඉතින් පලක් නෑ
කොයි තරම් දෙඩුවත්
ආදරෙ පෙන්නලම
මමත් උනි බඩුවක්
මගෙ සනුහරේ උන්ට
එයත් හොඳ කඩුවක්
_________________________________________
ගමේ මහ පඩි වරුත්
ලිව්ව කවි පත්තර
තනේ කිරි උතුරද්දි
තිබ්බෙ නැ උත්තර
යටි හිතත් දනිමි මගෙ
ඕකෙ හරි විස්තර
වෙලා කුමටද මමත්
පුතුට වෙස් සන්තර
_________________________________________
එදා සිට ඌ කැමති
සුදු පාට සළුවේ
පොරෝගෙන හොයමි හැම
කනත්තක මළුවේ
පිරිමි එක එකා ගැන
හොරෙන් ඇහැ හෙලුවේ
උගෙ අප්ප, දරුවාට
පෙන්නන්න බැලුවේ
 
කවි කාරයා (ශිතක මීදුම්)