Sunday, March 09, 2025
Follow Us
 නොදැකපු හුගක් ගින්දර
මහත්තයො උබ තලපු දවසක
තුරුල්කර ඌ මාව තැව්වා...
"කලත් මොන දොස ඉවසපං පණ"
උබෙත් තැති ගුන මවල කිව්වා...

 

උබත් නොදැකපු හුගක් ගින්දර
මතක් කර කර ඌට කිව්වා...
සත්තමයි පපුතුරේ මහ ගිනි
ඒ..ක අරගන මාව නිව්වා...
හදිස්සිය නෑ උබට තරමට
කුලප්පුව නම් හොදට තිබුනා...
මගෙත් සියොලග සනස්සපු ඌ
තුරුල් කරගන නලල ඉම්බා...
උබෙත් පුතුගෙත් උපන් දින ඌ
මතක් කර කර මටත් කිව්වා...
මටත් අමතක උපන් දවසට
රෝසමල් කලඹක්ම එව්වා...
කළු පාට පසුබිමක් හින්දම
සුදු පාට ලස්සනට මැව්වා...
සම්මතය රැකගන්න හින්දම
අසම්මතයෙන් අරුත් සෙව්වා....
සුසිල් නෙළුම් වත්ත..
2025-02-21
 
මෙන්න මගෙන් පිලිතුර
************************
"නෝනෙ "උඹ ගිණි නිවපු දවසට
නොමර ඌ මගෙ වැරදි කිව්වා ...
උයලා තිබුණත් රාජබෝජන
රස නැතැයි ගිණිවතුර බිව්වා ...
උදේ හවසත් නැතිව බැරි වූ
යහන සුව මදි , දෙකට බෙදුනා ...
පදේ කාගෙද හොයන් යනකොට
" නෝනා ඩ්රැයිවර් අරන් තිබුණා ..."
කිරි සුදට ඇඳපැලඳ , සුවඳ ට
රැවුලෙ කට්එක වෙද්දි හැඩවැඩ ...
ජිම් ගිහින් ඌ නළුවා වෙද්දී
මමත් ඉදහිට වුණා නොවැ බඩ ...
ලොවට පෙන්නා හිනාවෙනකොට
අපිත් පවුලක් වගේ නැති මඩ ...
මහත්තයා මට ලියාදුන්නා
නෝනෙ හිස්කල .... ජීවිතේ ඉඩ ...
කාලයක් මුළුගමට මූසල
මමත් විය ගැහුණියක් මුඩු , වඳ ...
මහත්තයා යස නිවුණ තැම්පත්
අමාවකටත් හෙව්වා පුරහඳ ...
ආදරේ රස හීන පෙන්වයි
⁣පෙම්වතෙක් මෙන් වගේ නැති බැඳ ...
ඕනිනම් සින්නක්කරේටම
තියාගන් මගෙ පැරණි රංකඳ ..
.
...ශ්රීමතී වල්පොල ...