Tuesday, December 24, 2024
Follow Us
ඇය අතැර නොයන්නෙමි
ඇය
⁣මගේ බිරිඳ
වූවත්.
දරුවන්ගේ
මව වූ පසු.
ඇය මෙසේය..........

 

සිඹිනවිට
ඇය මාව
මමත් ඇය සිඹින්නෙය.
සිඹින විට
මම ඇයව
ඇය ඉවත හැරෙන්නිය.
සයනයෙදි
ඇය ඇවිත්
මගේ ගතේ වෙලෙන්නිය.
මම ලගට
ගියොත් ඇගේ
ඇය මගෙන් මිදෙන්නිය.
ඇය දොසක්
නගන විට
මා අසා සිටින්නෙය........
මා දොසක්
නගන විට
ඉකිගසා හඬන්නිය.........
මා අසල
නොමැති විට
සැමතැනම සොයන්නිය.....
මා අසල
සිටින විය
නොදුටු ලෙස සරන්නිය....
විශ්මයකි
මටත් ඇය
නමුත් ඇය පතන්නෙමි.......
සිත තුටිනි
ඇගේ ලග
ඇගේ පෙම විදින්නෙමි.......
තිබෙන තුරු
මගේ දිවි
ඇය අතැර නොයන්නෙමි.....
ඇය අතැර
ගිය දිනෙක
මමත් මිය ඇදෙන්නෙමි....
.........ප්රසන්න මංජුල