Tuesday, December 24, 2024
Follow Us
හදෙහි පණ ගැහෙන කල්
සිය දහස් වාරයක්
බිඳී යමි මුලුමනින්
එහෙත් ඒ හැමවරම
ගොඩනැගෙමි
වෙර අරන්...
මල් පිපෙන වසත් කළ
කිසිදාක නොආවත්
මැරෙමි ඉපදෙමි
හදෙහි පණ ගැහෙන කල්......
 

-නෙලුම් සුරංගි