දැනන් අකලට පිපුණු මල් බව
සිතින් පෙම් කවි ගොතන් හෙමිහිට
ගතින් ළං වුණ පෙමක් තිබුනද
ඉරක් විය එය දියේ මතුපිට.....
මලුත් විකසිත වුනත් ටිකකට
මියෙන බව මං දැනන් හොදටම
හිතට වද දී තුරුලු කරගෙන
මලට දොස් කිවයුතුද අද මම....?
තරුත් දිලිසී නොපෙනි යාවී
මලුත් විටකදි පරව යාවී
පෙමත් දිනයක මිලින වේවී
ඉතින් ඇත්තට මමයි වැරදී....
මමයි වැරදී..