Saturday, October 19, 2024
Follow Us
අසීමිත ප්‍රේමය වරදක්ද?
සීමාන්තිකව ප්රේම කිරිම දඩුවම් ලැබිය හැකි වරදක්ද?
පපුවටම දැනුණු හිතකට
අයිතියක් නැතුවම ප්රේම කල උන්,
ඉගියකින්වත් ප්රේමයක් නොලැබුණද
හදවතේ පරිස්සමට තියාගෙන ප්රේම කල උන්,
වචනයෙන්වත් රිදෙන බව නොකියාම
පපුව ඇතුලෙන් කෑ ගසා හඩපු උන්,
එක හිනාවක් දකින්න පෙරුම්පුරපු උන්,
සමහර මොහොතවල් වෙනුවෙන්
කාලාන්තරයක් බලාගෙන හිටපු උන්,
ඇත්තටම ප්රේමය ජීවිතයම
කරගත්තු උන්....
උන්,
හැමදාම ප්රේමය නිසා රිද්දගත්තා,
රිදෙන බව නොකියාම දරාගත්තා...
තමන්ව හදවතින් මරාගෙන
හැගීමක් වෙනුවෙන් ජීවත් උනා...
කලකිරීම් එක්ක හැමදාම ජීවත් උනා...
ඇත්තටම එහෙම උන් හරි පව්...
උන් උන්වම අහිමිකරගෙන
ප්රේමය මතම නැහුණා..
අසීමාන්තිකව ප්රේමයට පණ දුන්නා...
ඒ නිසාම උන් හැමදාම විදෙව්වා...
කලකිරීම් එක්ක විදෙව්වා...
දැනෙන හිතකට අසීමාන්තිකව
ප්රේම කිරිම ඉතින් ඒ තරම් වරදක්ද ?
උන් මේ තරමටම හැමදාම විදවන්න තරම් වරදක්ද?
අයිතියක් නොසොයාම ප්රේම කිරිම වරදක්ද?
අවසානයෙත් මම අහන්නෙම අසීමාන්තික ප්රේමය ඉතින් ඇත්තටම වරදක්ද?
 
Sanju Jayasundara