Saturday, October 19, 2024
Follow Us
දැනන නුඹෙ ආදරේ තරම්

දැනන නුඹෙ ආදරේ තරම්
නුඹටම ආදරේ කරන තරම්
නුඹවත් දන්නෙ
නැති තරම්......



මගේ මේ හද ගැහෙන තරම්
හෙමිහිට හුස්ම ගන්න තරම්
නුබ වත් දන්නෙ
නැති තරම්......

නුඹ ගේන සැනසීම මෙතරම්
රිදුවුම් පවා සනසන තරම්
නුඹවත් දන්නෙ
නැති තරම්.....

මැවි මැවී පේන නුබ මනරම්
ඔය රුව සිතුවම් කරන තරම්
නුඹවත් දන්නෙ
නැති තරම්.....

කවි පද වල නුඹ ඉන්න තරම්
සීතල රෑක උණුසුම නුඹ ගේන තරම්
නුඹවත් දන්නෙ
නැති තරම්......

බලන නුඹ මං ගැන මෙතරම්
හොයන තරමට නුඹ ගැනම ඒ තරම්
නුඹවත් දන්නෙ
නැති තරම්.....

ඇත්තටම නුඹෙ උණුසුමේ හංගං
නුඹ මේ දෙන ආදරේ තරම්
නුඹවත් දන්නෙ
නැති තරම්.......

 

-මෙලා