Saturday, October 19, 2024
Follow Us
නුඹ
සඳ අහස සැරසූ පුන් පෝය දවසකට
ඔබ එක්ක ගිය මතක හිත ඇතුලේ හංගාන
මල් පිපුනු මාවතේ ඈ සුරත පටලන්
පිය මනිමි සොදුරියේ කදුළු කැට හිරකරන්

 බොල් පිණි අගට වස්සාන දියකරන්

කුරුළු තුඩ හෙමින් ඉගිකරාපු
සමනලුන්ට සිරිපා මලුවට පාර කියන්
ඇයිද සොදුරිය අපට මං නැති කරන්
හැන්දෑව සුන්දරයි ඔබ එක්ක ගත කරපු
සිත් දෙකම එක හිතක කිරිකෝඩු ලං කෙරූ
රිදී හිරු පායාවි හෙට අහස එලි කරන්
ඔබ නොමැති සඳ අහස ඉකි බිදී මා දවන්
 

-ඉරා