රෑ කරුවලේ පරිසරයම නිදිගත් නිස්කලංක
සුන්දර වෙලාවක...
බාහිර ලෝකයේ කිසිම චංචල රළු අරමුණක්
නැති වෙලාවක....
.
හරියට සමවැදී වගේ ආදරණීය ලෝකෙක
කොයිතරම් නිදහස් ද සුවයක් ද සැනසීමක් ද .....
නමුත් උදේ අවදියෙන් ඇස් වලින් ලෝකය
පේන්නේම නපුරු විදිහට ....
කප්පරක් වැඩ හිස මත තිබූ මහා ගිනි
කන්දක් වගේ......
එක පිට එක විරාමයක් නොතියාම
අරමුණෙන් අරමුණට ....
මුලුමනින්ම වැඩ වැඩ හුස්ම ගිලිහෙන මොහොත වෙනකම්ම .....
හිත හරියට බුබුළු දදා නටන හැලියක වතුර වගේ ......
ප්රශ්න කරදර දුක් වල නිමාවක් පෙනෙන
තෙක් මානයක නෑ......
කන්න ඉදගත්තත් කෑවේ මොනවද රස සුවඳවත්
දැනුනද කාලෙකින්.....
දවසම නැහිල නැහිල තෙහෙට්ටුවටම රෑ නින්ද
වෙහෙසකරයි හිස තියන පමාව විතරයි ....
ඉතින් රෑ කලුවරේ හද බලාගෙන ජීවිතය
විඳින්නට පුළුවන් ද .....
කවදද ඒ දවස උදාවෙන්නේ ඒ දවස රෑ බොඳවුණු
දකින සිහිනයක්මද ....
සිහිනය සිහිනයක්ද ඇත්තම කවදාවත් ඇත්තක් නොවෙන.....
අර නිහඬ නිස්කලංක සුන්දර රාත්රියේ
දැහැන්ගත වීම......
හිතන මෙනෙහිකරන ඕනිම සුන්දර හදවතකට නිවීමක්මයි.....
ඉතින් මනුෂ්යය ජීවිතයක සුව කියන්නේ
හැබෑවට මේකටද ....
අර බුබුළු දදා උතුරන වතුර හැලියට සුන්දර ආදර හැඟුම්.....
සිසිල් දිය දෝතක් දමා උණුසුම් නිවාලන්නට
කවදාවත් හැකිවේවි ද.....
හූම්...... ඉතින් සුසුම්ලන්නද විතරද
උරුමය ජීවිතයේ......
ඇත්තටම ඇත්තම හැඟුම්බර ආදරය කොහෙද?...