සුපෙම්බර පෙම්වත...
අහිමි පෙමට පෙම් බැදි..
අසම්මතයට පෙමින් වෙලී
තවමත් මා ලයේ ඉන්නා
දගකාර පෙම්වතා නුඹයී..
දැන ගත්තත් ආපසු හැරෙන්නට බැරිය..
පෙමින් වෙලි ඉන්නා නුඹව..
කෙසේ මා අමතක කර ලම්ද...
පෙම්වත මගේ..
මා නුඹගේ...
මා නුඹගේ...
අනියම් උවත් අප අපගේ..
ආදරය එකයි හැම භවයේ...
මේ භවේ මා නොව නුඹගේ.
නුබද නොව මාගේ...
ඒත් ඒ ආදරය එක සේ..
විදිමු මේ භවේ..
සතුට ඇත්තේ කොතැනද...
එතැන රැදි හැකිය රිසිසේ...
නිදහස කොතැනද..
එතැනයි විදිය හැක්කේ ජිවිතය...
ඉතිං පෙම්බර...
පායා ආ සදට...
එලියක් දී මිසක...
යන්නට එපා හැරදා..
මේ භවෙන් නික්ම..
ආදරෙයි මැනික...
මේ භවේ හැම දිනක..
යලි හමුවනතුරුම...
ඉන්නකෝ පරිස්සමින් රත්තරනේ....
-ෆාතිමා නෂීරා