Saturday, October 19, 2024
Follow Us
අරුම සෙනෙහෙ

කතරේ වැලි කැට හිරුට පෙම්බැඳ
ඇතත් ලො දහමින්


සොඳුරු වැස්සට දැවෙන කතරක්
ආදරෙයි පනමෙන්
ලොවට නොපෙනෙන අරුම සෙනහස
ඒ වගෙයි මනරම්
කරනු බැරි තහනම්

සඳට සදහට සෙනේ පෑමුත්
උදුල තරු කැටයම්
හිරුට පෙම්බැඳි එකද තරුවක්
සිටිය නොහැකිද යම්
නුඹට නොහැගෙන මගේ ප්‍රේමය
ඒ වගෙයි මනරම්
පුදුමවෙයි නුඹ නම්

nisades.com