ඇඳගෙන සුදු ඇඳුම පාසල් ගිය කාලේ
තිබුණා නිදහසක් නැතිවට
දැන් ඒ සතුට හිතේ
කිචි බිචි ගගා හිනෙහී උන්
ඒ සුන්දර කාලේ
අමතක නම් වූයේ
නටමින් ගී ගයා විනෝදයි පෑවේ
පාඩම් අමතක දාට වේවල් පහර හොඳ හැටි හමු වුයේ
මොන දේ වුනත් සතුටයි හිත් තුළ රාවේ
පාසල් කාලයයි ජීවිතේ සුන්දර කාලේ
කාලේ ගෙවිලා ජීවිත පරිණතයි තමා
කෝ අර තිබ්බ සතුට නෑ දැන් ළඟ පාතක ජීවිත බරක් වෙලා
පාසල් බෑගයයි බර සිතුවත් නෑ ජීවිතයයි බර දැන් පමා වෙලා
ආයේ එන්නෙ නැති සුන්දර කාලයක හිත තාමත් සිහිනෙක නැවතීලා..
නිරෝෂා සමරකෝන්