Saturday, October 19, 2024
Follow Us
ප්‍රේමය වරදක්..

දවසක් නෙතු අග,නතරව කදුලක්.
පවසා සිටියා..ප්‍රේමය වරදක්.


තදින්ම බැදිලා හිත යට හැගුමක්,
මියැදුන දිනකදි හමුවී තිබුනා..
විරහව කදුලක්..
නිතරම පෑරෙන,ප්‍රේමය රිදුමක්,
දුක වාවාගෙන හෙලුවට සුසුමක්,
තනිවන විටකදි ඇවිලෙන කදුලක්
දුක නිව්වේ නෑ...ප්‍රේමය වරදක්.
හිතයට උල්පත,ඇරබූ ගගුලක්,
ගලා බසිනවා..නෙතු අග කදුලක්,
ප්‍රේමයනම් ඒ.. මා කළ වරදක්,
ඉවසන් ඉන්නට,කීවා.. කදුලක්..
දවසක් නෙතු අග,නතරව කදුලක්
පවසා සිටියා..ප්‍රේමය වරදක්,
තදින්ම බැදිලා හිතයට හැගුමක්,
මියැදුන දිනකදී හමුවී තිබුනා..
විරහව කදුලක්..
ඉන්දික තුෂාර ජයමහ
කුලියාපිටිය