Sunday, October 20, 2024
Follow Us
ඒ ඔහු ඇයට දෙන උතුම්ම ත්‍යාගයයි.

පිරිමියෙකුට හැකිනම් ගැහැණියකගෙ හැඟුම් වලට ඇහුම්කන් දෙන්න, කෝප නොගෙන, වියරු නොවැටී ඉවසීමෙන්...


ඒ ඔහු ඇයට දෙන උතුම්ම ත්‍යාගයයි..
ගැහැණියකට හැකිනම් ආදරයෙන් කතා කරන්න, ඔහුගේ විඩාපත් මනසට,ගතට සැනසීමක් ගෙනෙන වදනින්
ඒ ඇය ඔහුට දෙන උතුම්ම ත්‍යාගයයි...
ඇයට ඇයගේ සිතිවිලි එකින් එක හෙලිකරන්නට දෙන අවසරය ,ඇය ඔබට ප්‍රේහේලිකාවක් නම් එය ලිහා හෙලිකරගන්නට ලැබෙන අවස්ථාවයි...
ඇයට ඔබ සවන්දෙන තරමට ඇයගේ හදවතෙහි බර සැහැල්ලු වෙනු ඇත..
ඇයට ඔබ සවන්දෙන තරමට ඔබට ඇය අවබෝධ වෙනු ඇති ..
ඉතින් ඉනික්බිති ඇයගෙන් ඔබට පෙරළා ආදරය කිරීම, අගය කිරීම, පිළිගැනීම ,දිරිමත් කිරීම ලැබෙනු ඇති..
ආදරය යනු මිහිරි ගණුදෙනුවකි,එය නීරස වන්නේ කෝපය සහ නොඉවසිල්ල නිසාවෙනි , ආදරය ඇති තැන නිමක් නැති සැනසීමකි...
©ප්‍රතිභා ප්‍රභා