Sunday, October 20, 2024
Follow Us
ඔබට තෝරාගැනීමට අයිතියක් ඇත

ඔබට තෝරාගැනීමට අයිතියක් ඇත
විඳවන්නට නොව


විඳින්නට තෝරාගැනීමට අයිතියක් ඇත
නිර්මාණශීලීත්වය හඹා යන්නට ත්‍රාසජනක සොයාගැනීම් කරන්නට අයිතියක් ඇත
සත්‍යයෙන් සංග්‍රහ කරන්නත්
සත්‍යයෙන් පිදුම් ලබන්නත් ඔබට අයිතියක් ඇත
සවන්දීම වේදනාකාරී වුවද
යමෙක් ඔබට කටුක සත්‍යය පවසන්නේ නම්
ඒ අවංක කමට ගරු කරන්න
ඔබේ අභ්‍යන්තරික හැඟීම් විශ්වාස කරන්න
ඔබේ සංවේදනයන් ඔබට කියන දෑ හඹා යන්න
ගැට ගසා ඇති බැමි වලින් මිදී
ඔබට ඔබවම සොයා ගන්නට ඉඩක් දෙන්න
නීති රීති මාලාවකට අනුගත වී නොවී
නිදහසේ ආදරය කරන්න
ඔබේ අගය අවබෝධ කරගන්න..
ඔවුන් කියාවි ඔබ අතරමංව ඇතැයි කියා
යන්නේ කොහෙද කරන්නේ කුමක්ද ඔබ නොදන්නේ යැයි කියා,නමුත් දිගින් දිගටම සොයන්න ,අමතකව ගිය දෑ, නුදුටු දෑ,නොවිඳි දෑ..
ගමන් කරන්න,
ගලා යන්න මිහි මව ඔබට ලබා දුන් රිද්මයට
ජීවිතය ගෙවන්න ,
ඇය ඔබට ලබා දුන්
පැරණි කැලැල් සුව කිරීමේ
මානසික සුවයෙන් ඔබව සනසාගන්න...
ලෝකයා ඔබ උන්මන්තකයෙක් යැයි පවසාවි
ඔවුන්ට එයට ඉඩ දෙන්න
එය වර්ණනාවකි,
කාලයත් සමඟ වෙනස් වන්න ,
එක තැන නොරැදී ගලා යන්න,
චන්ද්‍රයා පුන් පොහෝ දා මෝරන්නේ යම් සේද?
එලෙස බිඳෙන් බිඳ සම්පූර්ණ වන්න..
බුද්ධියේ තහනම් ඵලය රසවිඳින්න
ඉගෙනගැනීම කෙදිනකවත් නොනවතන්න..
දූෂණය, වංචාව අභිමුව නොබියව හඬ නගන්න
වෙනසක් කිරීමට අධිෂ්ඨාන කරගන්න..
ඔබේ මුතුන්මිත්තන් සතු ශ්‍රේෂ්ඨ ශක්තීන් සොයායන්න, ඒවා ලබා ගන්න
ඔබේ කුලකයේ උන් එක්කාසු කරගන්න
ඉපදුන පලියට ඔහේ හුස්මගනිමින් ජීවත්නොවෙන්න
මේ ඔබේ ජීවිතයයි.
එය හිතේ හැටියට ජීවත්වෙන්න
අන්තර්ජාලයෙහි හමුවූ ඉංග්‍රීසි කවියකි, හදවතට දැනුන හෙයින් පරිවර්තනය කලෙමි.
©ප්‍රතිභා ප්‍රභා