Sunday, October 20, 2024
Follow Us
අම්මී පොලේ ගිහින් පැටියා  තාත්තීට දාලා..අම්මී ආපු ගමන් තාත්තී මෙහෙම කිව්වලු....

විඩාවයි අද මටත් හොදටම
කහට චුට්ටක් දෙන්න හදලා
ඇයිද හේතුව පමා වෙන්නට
පැය දෙකක් දුක් වින්දා නිමලා
චූටි පුතු නිදි කරලා දිව්වත්
ඉක්මනින් එනවාය කියලා
ගෙයින් එළියට යන්න කලියෙන්
ඇහැලා දෙවනක්ම කෙරුවා....................


හද හදා කවි කොහොම කිව්වත්
නෑනේ චුට්ටක් ගන්නෙ පියවා
බඩුත් සෙල්ලම් කොතෙක් දුන්නත්
ටික වෙලාවක් මෙල්ල කෙරුවා
ආය බෑගිරි තලයි සද්දෙන්
දණ ගාගා අස්වයත් පැද්දා
බඩ ගිනීදෝ කියා හිතලා
කිරිත් මන් හදලාම පෙව්වා........................
ඔන්න ආපහු නලා සද්දෙයි
ගෙයි වටේ අරගෙනත් දිව්වා
පොඩ් වෙලාවක් සද්දෙ වහගෙන
ආයිමත් බෑගිරිම තැලුවා
උස්ස උස්සා මාත් නිතරම
ඔරලෝසුවේ කටුත් ගැන්නා
අනේ අද පැය යන්නෙ නැද්දෝ
ගේටිටුව ලඟ දැස් රැදුනා............................
සේයාව ඔබෙ එනවා දැක්කම
ඇගට ලේ නම් ටිකක් ඉනුවා
රෙදිත් හෝදා උයන්නම් මම
කියන හැමදේ කරලා දෙනවා
මීට පසු මම පොලෙත් යන්නම්
ගේ මිදුල් අතුගාලා දෙනවා
අනේ පිං වෙයි පොඩි එකානම්
දාලා කොහෙවත් නොයා ඉන්නවා.................
B.M.N.බස්නායක ✍️ (සඳූ )