Sunday, October 20, 2024
Follow Us
උබ අරන් ඇගෙ අතක්

මට පිනක් නැති උනත්
උබ අරන් ඇගෙ අතක්
ඕකි ලග තියෙනවා
හරිම සුන්දර හිතක්


නොවන්නට පනට මගෙ
මාව දිනයක මතක්
උබ දියන් ආදරය
ලියන්නට කවි පොතක්
__________________________________________
දිවා රෑ සිත පුරා
පෙනෙනවා එක වතක්
ආදරෙ ඉගිය පා
මුලා උනි මුදු සිතක්
දුර යන්න සිතුවෙ කිම
හඩවලා නුබ නෙතක්
පවසන්න රත්තරං
සතුටියිද මා නැතත්
__________________________________________
තවම පොඩි කෙලි ඒකි
හුරතලේ මනදොල
පොඩි දේත් ඇති ඕකි
වෙනව හරි කලබල
නෙලන්නට මට නැතත්
ඒකිමයි මගෙ මල
නැටුව කෙල්ලෙක් නෙමෙයි
මම ඇගේ කුලුදුල
__________________________________________
තිස්සේම ලග ඉදන්
දොඩන කන් පිරෙන්න
කියවිල්ල නිමක් නෑ
මොහොතකට නිමෙන්න
සිහි වෙද්දී මතකයට
තවත් බෑ හඩන්න
එපානම් දියන් මට
පන වගේ රකින්න