Sunday, October 20, 2024
Follow Us
ජීවිතේ විඳින්න

ජීවිතේ විඳින්න,
අර වැඩේ මේ වැඩේ
ඉවර වෙනකල් ඉන්න එපා.


අපිට මේ ජීවිතේ
තව කොච්චර කාලයක්
ඉතුරුයිද කියන්න දන්නෙ නෑ.
ඒ හින්දා ලැබෙන.හැම මොහොතකම
ඔයාගේ වැඩ කරන ගමන්
ජීවිතේ ආස දේවල් කරන්න.
ආස කෙනා එක්ක
ආස තැනකට යන්න.
ආස තැනකින් කෑම කන්න.
ආස ඇඳුමක් අඳින්න.
නටන්න සිංදු කියන්න
විනෝද වෙන්න පුළුවන්
හැම මොහොතකදිම
ඒ හැමදේම කරන්න.
මොකද අපිට පැවරෙන වැඩ රාජකාරී
අපි මැරෙනකල්ම ඉවර වෙන්නෙ නෑ.
දහස් ගාණක ආදයමක් ලබන මිනිහට
තියෙන්නේ ලක්ෂ ගාණක හීන.
ලක්ෂ ගාණක ආදයම් ලබන මිනිහට
තියෙන්නේ කෝටි ගාණක හීන.
කෝටි ගාණක ආදයමක් ලබන මිනිහට
තියෙන්නේ ඊටත් එහා හීන.
ඉතින් ඔයාට තියෙන හැටියට
ජීවිතේ විඳින්න හුරුවෙන්න.
නැත්නම් ඔයත් දුකින්
ඔයාට ආදරේ කරන මිනිස්සුත් දුකින්.
එහෙම නොවුනොත්
දවසක ඔයාට මැරෙන්න වෙන්නේ
ආස දෙවල් නොකරපු,
වේදනාව හිතේ හිර කරගෙන
ඉතින් හැබෑ නොවුන හීන එක්ක
මැරෙන මිනිහෙක් වෙන්න එපා.
"හැමදාම සතුටින් ඉන්න
සටහන-