Sunday, October 20, 2024
Follow Us
ආත්ම ශක්තියෙන් පිරිපුන් ගැහැණු ළමයෙක් වෙන්න...

දෙමාපියන් නැතුව තනියම ගමනක් බිමනක් යන්න..


තමන්ගේ වැඩ ටික තනියම කරගන්න ...
ගෙදර ආර්ථිකයට ශක්තියක් වෙන්න ....
අකමැති කෙනෙක් යෝජනාවක් ගෙනාවම ප්‍රතික්ෂේප කරන්න ...
ආදර වන්තයට ශක්තියක් වෙන්න ...
අරමුණක් වෙනුවෙන් මහන්සි වෙන්න ...
කඩන් වැටෙන තැනදි නැගිටින්න ...
සුරංගනා ලෝකවල ජීවත් වෙන්න හැමදේම ලබාගෙන ඔබේ මහන්සියෙන්
එතකන් ඔබ ශක්තිමත් ගැහැණු ළමයෙක් වෙන්න ලද බොලද නොවී තාත්තා සහෝදරයා හෝ පෙම්වතා ස්වාමිපුරුෂයා හැමදේම කරලා දෙයිනේ කියන සිතුවිල්ලෙන් ඉන්න එපා...
එහෙම අය තමා ජීවිතේ එක අරමුණක් ෆේල් උනාම ජීතෙන් පලා යන්න උත්සහ කරන්නේ...
මහන්සි වෙන්න අතපය වාරු ඇතිතාක් ඔබ මවන සුරංගනා ලොව වෙත ගමන් කරන්න පුලුවන් දවස වෙනතාක් කට්ට කන්න...
කකුලෙන් අදින අයට පේන්න ඔබව පහතට හෙලන අයට පේන්න ඔබට දෙයක් කිරීමට නොහැකි බව පවසන අයට පේන්නම නැගිටින්න ...
දවසක මිනිස්සු හූල්ලයි අපෝ මෙයා හිටියෙනම් කොහොමද ? කියලා ඒ කතාවට හිත නොරිදී සතුටක් ඇතිවෙන දවස එනකම් ඔබ ගොඩ නැගෙන්න...
ශක්තිමත් ගැහැණුන්ව කිසිම දාක ආපස්සට හැරවීමට නොහැක... ඇයට ඇය ගැන ආත්ම අභිමානයක් ඇත...
ඉතින් වෙන්න ආත්ම ශක්තියෙන් පිරිපුන් ගැහැණු ළමයෙක්..
වෙන්න දවසක තමන් ආපු දුෂ්කර ගමන් මග දැක සතුටු වෙන්න පුලුවන් විදියේ ගෑනු ළමයෙක් ...
උ.ගැ.