Sunday, October 20, 2024
Follow Us
තනේටම කෙටුවේ මන් ඒකයි.........

# ලස්සන කතාවක් ?? #


තම බිරිදගේ පියයුරු වලට බරලතල කැපුම් හානි සිදු කර
මරාදැමූ බවට සැකපිට අත්තඩන්ගුවට ගත් ඇයගේ සැමියා,
පොලීසියේදී සිදුකල පාපොච්චාරණය.
මහත්තයෝ,
මෙච්චර කල් හන්ගගෙන උන්නට
මට
කියන්න දේවල් එමටයි.
පපු කැව්තු උනු වෙලා දුකටම
ඒ තරමට
උහුලලමම මහන්සියි.
අවුරුදු 4ක් ආදරේ කරා මන්
ඒ කාලේ,
ඕකි බෝම තරුණයි.
ගෙදටත් නොකියා හිතුමනාපෙම
බැන්දෙ මන්
හිතේ තිබුනු ලෙන්ගතුකමටයි.
දැනගත්තු දවසෙම එලෙව්වා ගෙදරින්
හිටියේ
බොඩිම් කාබරෙක ලැගලයි.
පුරුදු නෑ මට දුකක් නන් විදලා
මම ගෙදර හිටපු
එකම කොල්ලයි.
හිතුවෙව්ත් නැති දේ කරා මන් නැහීගෙන
ඕකිට ආදරේ කරේ
පන ඇරලයි.
අත් දෙකේ තියෙන මේ කරගැට කියාවි
දුක් විදපු හැටි
ඒ උනත් ඒ කාලෙට මන් ආසයි.
පැටියෙක් ආපු බව කිව්වාම
අනේ මට ඇඩුනා ඒ තරන්
හිතට හරි ලෝබයි.
දූවිල්ලක් වත් එන්න දුන්නේ නෑ ගෙට
ඇස් දෙකේ තියාගෙන රැක්කා
සත්තයි.
කන්නද බොන්නද ඕකිට සුරසැප
ඉල්ලපු ප්‍රමාදෙටම
දුන්නයි.
දෝතට ආවම අපෙ පොඩි පැටියට
වඩා මන් ඉම්බෙ
ඕකියි.
එකම එක මහ මූසල දවසක
කනකොකා හැඩුවා
හැමදේම ඉවරයි.
මේකි ගෙයි නැති නිසා
හොයලා බැලුවම
කඩදාසියක තිබුනෙ මෙහෙමයි
""ඇටෙන්ඩන් කාරයා එක්ක මන් යනවා
පුතාටයි ඔහෙටයි
දෙවි පිහිටයි"""
වදාපු පැටියගෙ ලේ සුවද ගියෙත් නෑ
ඕකි යනකොට
බඩේමැහුම් ටිකත් එහෙමයි.
සති දෙකක් නෑ අනේ පැටියට
මන් දැන්
කරන්නේ මක්කයි.
නිදාගන්නේ නෑ අබිතක්වත්
ඌ කරන්නෙම
දිගටම ඇඩුමයි.
පිරිමි අත පය ගොරෝසුයි මගෙ
ඌට මන්
හරියන්නෑමයි.
පොඩි එකත් අරන් මහ ගෙදට ආවම
පිහිටට හිටියෙත්
අනේ මගෙ අම්මා විතරයි.
ටින්කරි පෙව්වට ඇහුවේ නෑ ඌට
ඉදිමිලා බඩ
ආවේ පිපිලයි.
කිරි ටිකක් දුන් නෑ එකෙක් මගෙ පැටියට
කිරි අම්මලා නන්
ගමේ බොමයි.
හෙව්වෙ මන් මරන්නට නෙමෙයි අම්මපා
කෝම හරි
මේ ටික කියන්නයි.
වැදලා හරි කිරි ටිකක් ඉල්ලන්
බඩගින්නේ අඩන
පැටියට පොවන්නයි.
කියන්නට එක දෙයක් තිබුනා
ඒක හින්දම
මන් ඕකි එනවට ආසයි.
අමු අමුවෙ පිච්චෙද්දි
කෝම හරි උහුලගෙන
හැමදාම මග බැලුවේ ඒකයි.
දික්කසාද පොරමේත් අරන් එදා රෑ
ඕකි එනකොට
හරියටම රෑ 9යි.
අනේ බුදු මහත්තයෝ
එදාට හරියටම
පැටියා මැරිලා තුන් මාසයයි.
දැක්ක ගමන් ඕකිව
හිතට ආවේ
පැටියගෙ මූනයි.
විදෙව්වේ අවසාන ඩින්ගෙදිත් ඌ
ඕකිගෙ
නැහැදිච්ච කමටයි.
ආපු තරහට වටපිට බැලුවම
අතට අහු උනේ
කැත්තයි.
පැටියට නැති කිරි
ඕකිට මොකටද
තනේටම කෙටුවේ මන් ඒකයි.........
උපුටා ගන්නා ලදි... ❤️