Sunday, October 20, 2024
Follow Us
ඇයයි මගේ ලක්ෂ්මිය....

"ඇයයි මගේ ලක්ෂ්මිය....
ඇය තමයි මගේ සාර්ථකත්වයේ රහස....


මගේ ශක්තිය වෙන්නේ ඇය...."
එක පිරිමියෙක් ලෝකයක් ඉස්සරහා
ඔහුගේ බිරිඳට එහෙම කියනවා....
ඇය....
කාලෙකදී ප්‍රේමය නිසා,
අසීමාන්තිකව දුක් විඳි ගැහැණියක්....
අවසානයේ විශාදයට පත් වෙච්ච ගැහැණියක්....
"මේ ලෝකේ ඉන්න අවාසනාවන්තම ගැහැණිය මම"
කියලා හිතපු ගැහැණියක්....
හැබැයි එදා ඇය දැනන් ඉන්නේ නැතුව ඇති,
දෛවය ඇයට මුණ ගස්වන්න යන්නේ,
ඇයව දේවත්වයේ තබන පිරිමියෙක් කියලා....
ඇගේ ජීවිතය මුළුමනින්ම,
කනපිට හරවන පිරිමියෙක් කියලා....
ඔහු....
ඇය වැටිලා හිඳි තැනින්,
අඩි දහස් ගණනක් උඩට ඇයව රැගෙන ආ පිරිමියා....
ඇය තරුවක් නම්, ඇයව බබළවපු පිරිමියා....
ඇයව ශක්තිමත් ගැහැණියක් කළ පිරිමියා....
විශ්වාස කරන්න....
මඟ හැරෙන දේවල් හොඳම දේවල් නෙමෙයි....
හොඳම දේවල් කවදාවත් මඟ හැරෙන්නේ නෑ....
දෛවය ඔබව හිමි කරන්නේ,
ඔබව ලැබීම වාසනාවක් කියලා හිතන අයෙකුටමයි....!
Copied