Sunday, October 20, 2024
Follow Us
""මං ඔයාව බඳින්න කැමතියි""

පැයට දෙදහක් දීලා බඩ උඩට නැග්ගට
උඹලා මොනවද දන්නේ අපේ ගැන ඔච්චර
දවසකට කී දෙනෙක්නම් ඔහොම සොමියට
බාරගන්නම් කියා අහනවද විස්තර


ඉන්දෝපු ගොයියම වී ගහට කෙළියම
පුර හඳක් පුංචි තරුවක් හොරෙන් වික්කම
මල් සරා විස පිරුණු ඊ තලම විද්දම
පේන්නෙම එක වගෙයි අපිට හැම මිනිහම
හන්තාන දෙස බලන් පටලවා ගෙන දෑත
කන අගට මුමුණමින් ශෘංගාර කවි ගීත
තුරුල් වී පෙම්වතුන් යනෙන ඔය මල් පාර
රෑට විතරක් අපිට එව්වා සුන්දර හීන
ඇද උඩට නැග්ගාම දෙව්ලෝකෙ දෙව්ලියෝ
ළඟ තොදොල් වෙනකම්ම සැර කාම දූතියෝ
බොලා ඔක්කොම එකයි හිතක් නැති භූතයෝ
වැඩේ කරගත්තාම අපි පට්ට වේ?යෝ
කුලෑටියි තාම උඹ කොල්ලො මේ අහපන්
ගෑණු හිත් වචනෙටත් සැලෙනවා හිතපන්
#කිසි_දාක_පැන්_ඉහින_වට්ටියට_නැගපන්
#කියා_නන්_වරා_මල්_වලට_බොරු_නොකියන්
උපුටා ගැනීම: හීන with shashi