Sunday, October 20, 2024
Follow Us
ගැහැණු හිත

ගැහැණු කවදාවත් හිතෙ තිබුණ දෙයක්
ඒ විදියටම වචන කලේ නෑ..?


හැබැයි ඒ ගැහැණු හිත කියවපු පිරිමියෙක් ඒ ගැහැණිය දෙයක් වචන කරන්නත් කලින් තේරුම් ගත්තා ඇත්තටම..?
ගැහැණු හිත ගැන පුංචි දේවල් ටිකක් කියන්නම්ද...?
වචන: ඔයාට මහන්සිද? නිදිමතයිද???
සිත: අනෙ තව ටිකක් වෙලා මා එක්ක කතා කරන්නකො..මං ළඟින් ඉන්නකො..?
වචන: ඔයාට ඒ ගමන යන්නම ඕනිද??
සිත: අනෙ ඒ ගමන යන්න එපා..ඔයා නොයා ගෙදර ඉන්නවා නම් තමයි හොඳ..?
වචන: අනෙ මට ඒක එපා..බොරුවට සල්ලි නාස්ති කරන්න ඕනි නෑ..?‍♀️
සිත: අනෙ ඔයා මට ඒක අරන් දුන්නොත් මට ගොඩක් සතුටු හිතෙයි..මං පිස්සුවෙන් වගෙ ඒක ආදරෙන් පරිස්සම් කරයි..?
වචන: ඔයාට මාව කරදරයක් නේද..මාව එපා වෙලා නේද දැන්..?
සිත: අනෙ මට ආදරෙයි කියන්නකො..හැමදාම මං ළඟින් ඉන්නවා කියන්නකො..?
වචන: ආයෙ මං මුකුත් කියන් නෑ..ඔයාට කැමති දෙයක් කරගන්න..?
සිත: ඔයාව පරිස්සම් කරන්‍න ඕනි නිසානෙ මෙච්චර කියන්නෙ..කියන දේ අහනකම්ම කියන්න ඕනි තව..?
වචන: හරි මාව දාලා යන්න..මට මොකො..යන එකමයි හොඳ..?
සිත: අනෙ යන්න එපා රත්තරං..ඔයා මාව දාලා යන එක ගැන හිතන්නවත් මට හයියක් නෑ..?
වචන: ආයෙ මා එක්ක කතා කරන්න එපා..මට කතා කරන්න දෙයක් නෑනෙ දැන් ඔයා එක්ක..?
සිත: කතා නොකර නම් ඉන්න එපා..මට බැන බැන හරි මා එක්ක කතා කරන්න රත්තරං..?
වචන: මං කෝල් එක කට් කරනවා..හරිනෙ එතකොට..?
සිත: ආයෙ කෝල් එකක් ගන්නකො..මං මේ බලන් ඉන්නවා රත්තරං..?
ගැහැණු කියන්නෙම මහ
ආඩම්බර ජාතියක්..?
සමහර විට ඒ නිසාම වෙන්න ඇති හිතෙන දේට හාත්පස වෙනස් දෙයක් මුවින් පිට කරන්නෙ..?
ඒත් ඒ ගෑණු හිත නිවැරදිව කියවපු දවසට
පිරිමියෙක් විදියට ඔබට බොහෝ දේ ජයගත හැකි වනු ඇත..?
- Aloka - ?