Sunday, October 20, 2024
Follow Us
එකෙන්ම ගොඩේ කෙල්ලෙක්.

අපෝ ඔයා වව්නියාවෙද? මැදවච්චියෙද? අනුරාධපුරද ? පදවියෙද? වැලිඔයද? කැළේනේ වන්නියේ නේද? ?


හද්ද ගොඩේනේ,,,
ඇවිත් බලනවකො කොළඹට පොඩ්ඩක්
එහෙම කියල කිව්ව මට එක්කෙනෙක් ,,?
ඔව් මම ගොඩේ ,,
මොකද ?
ඉතිං මම ආඩම්බරයි,,
දන්නවද,,
ගෙන්දගම් පොලොවටත් වඩා,,
හීතල හන්තානටත් වඩා,
මම ආසම මේ කර්කශ පොලොවට,,,
ඉරි තලා ගියපු,,
මේ කාශ්ටක පොලොවට,,,
ඉර පායන මොහොතෙ ඉදන්
දාඩිය එක්ක ඔට්ටු වෙන
නහරත් ඉලිප්පුනු මිනිස්සු ඉන්න මේ හද්දා වන්නියට,,,
බඩගින්නෙ නොතිය
මාදං ගෙඩියක්,
කෝං ගෙඩියක්,,
හරි තෑගි කරන මහ කැලෑවක් තියෙන,
මහ වන්නියට,,
බුලත් හපයට දත් ටිල පොට්ට පාට උන මිනිස්සු
ලගින් එන
පොලොවට බරක් නොවිච්ච සුවදට,,
උන් ලග තිබ්බෙම අවංක හිනාව,,
ගනදෙවියන්ගෙ බැල්ම ආරක්ශාව එක්ක ජීවත් වෙන,,
අපි
ගොඩේ,,,,
ඔව් මම ගොඩේ,,,
හද්දා වන්නියේ ,,
හැබැයි
නිදිකුම්බා කටු වලටත්,,
පින්න වැටිච්ච තන කොල වලටත්,,
අපේ දෙපතුල් ඔට්ටුයි,,
නෑ තමයි ඔනෙවටත් වඩා
මගේ ගමේ මිනිස්සුන්ට සුකුරුත්තං,,,
ඒත්
උං ලග තියෙනවා ඇති වෙන්න
ලෙංගතුකම්,,
රෝස මල් පිපුනට හීතල කන්දක
ඇයි පතොක් මල්.ලස්සන නැද්ද
වීලිච්ච පොලොවෙ පිපිච්ච?
ලෝකෙ කොහේ ගියත්
ඔව්
මම වන්නියේ ගොඩේ
ඔව්
මම ගොඩේ,,
එකෙන්ම ගොඩේ කොල්ලෙක්/කෙල්ලෙක් ?❤