Sunday, October 20, 2024
Follow Us
අම්මා

අඟල අඟල උස යනකොට
ලඟට ඇවිත් මනිනවා
දැන් අම්මට වැඩියෙන් මම
උස ගිහිල්ල කියනවා


තුරුල් කරන් හැම තිස්සෙම
කම්ඹුල් මගෙ සිඹිනවා
මගෙ පන උඹ ලොකු වෙනකොට
ආඩම්බර හිතෙනවා
හැමතිස්සෙම මගෙ හයියට
ඔයා ලඟින් ඉන්නවා
ඔය සිත ඇති සෙනෙහස මට
මහා මෙරක් වටිනවා
තාත්ත වගෙ පුංචි පුංචි
පන්ඩිත කම් තියනවා
නුඹේ වචන හැමදාමත්
අම්මගෙ සිත නිවනවා
කරුණාබර හදවතකට
නුඹ හිමිකම් කියනවා
කීකරු කම හැමදාමත්
එක වගේම තියනවා
අම්මාගෙම පෙනුමට නෑ
කිසි වෙනසක් කියනවා
එතකොට නම් ඔය ඇස්වල
සතුට දෝරෙ ගලනවා
වැඩ්යෙන් ආදරෙ මං මගෙ
අම්මාටයි කියනවා
ඒ සෙනෙහස, ආදරයට
සීමා නෑ හිතෙනවා
ශක්තිය මට දවසක නුඹ
හිත සතුටින් පිරිනවා
කරට උසට පුතෙක් ඉතිං
පනට වඩා වටිනවා
යන එන තැන කොහේ ගියත්
මං වටේම එතෙනවා
සෙනෙහස මේ පපු තුරුලේ
උතුරන්නට තියනවා
වස්තුව මගෙ නුඹයි පුතේ
හැමදාමත් වටිනවා
හොඳ මිනිහෙක් වෙයන් දිනක
අම්ම බලන් ඉන්නවා.