Sunday, October 20, 2024
Follow Us
මේ බත් එක හරි රහයි

මේ බත් එක හරි රහයි
එකමත් එක ඉස්සර දවසක
පුංචි පංතියේ පුංචි යෙහෙළියන්
එක්ව එකතු වී කා හැටි මතකයි


මේ විදිහට අනේ ලස්සන කර හැටි
අම්මා ඔතා දුන් බත් මුල ලෙහලා
එකට අනා රස කරමින් කා හැටි
ඒ බත් වල තිබුණේම රස ගැන
තාමත් මතකය රහම රහයි මට
සිනා කවට කෙලි සෙල්ලම් තාලය
අරලිය මල් සුවඳවක් වගේ පිවිතුරු
පාසල් කාලය අනේ මතකයෙන්
තාමත් මට දැන් පෙනෙනවා වාගේ
අපි ගත කළ ඒ සුන්දර පාසල
අපි සැනසුන ඒ මතක සොදුරු තැන්
අනේ මටත් ආයෙත් යන්නට ඇත්තනම්
මේවගේ ලස්සන තැන් මතකය ලඟ.............
ප්‍රියංකා පෙරේරා