Sunday, October 20, 2024
Follow Us
පනාපුත්‍ර කුහුඹු පැණියාට෴

******************************
විජේපාල නැගිටපං
පළිඟු මැණිකෙට
ඔච්චමක් කරන්නට.
අර දැරිවියො දෙන්න
මග එනව ඇති දැන් .
ගනිං බයිසිකලේ
මගට ගිහින්


රැකගෙන ඉන්නට.
රඹානත් අතට අරගෙන
කරත්තය තල්ලු කරගෙන
වරෙන් කැරකිල නටාගෙන
නෙයිනගෙ සූදු පොලටම.
අත්වාරුවත් උදුරල අරන්
නටපං එදා වාගෙම
වැලන්ටයින් උතුමානන් වටේ
උඹට මෙතනින් මාරුවෙන්න නම්
දෙන්න බෑ දැන්මම.
තාරාවො ඉගිලුන දවසක
යාළුවෝ මාළුවෝ හොයමින්
උඹ බෙල්ල දිගුකරමින් නැටුවා
හරි හැඩයි බං උඹ ඒ තොප්පියට.
පහන් නිවාගෙන කළුවරේ
පබා ඉන්නව තනිවෙලා
කුස ෴ ඉතිං පලයං ඉක්මණින්
රජ මැදුරම පාළුයි උඹ නැතුව .
D J උඹට වද දෙද්දි
ඇඟ කිළිපොලා ගිහින්
හුස්මත් හිරවුණා බං
තාමත් කඳුළු උනනව දෑසින්
අපෙත් ඇඩ්‍රස් නැතිවෙලා දැන් .
රානි මග බලාගෙන ඉන්නවා
උඹ එනකල් ම ඇහැරගෙන
Tamil film එක ඉවරවුණ ගමන්
පලයං ඉක්මණින් ගෙදරට.
කෙල්ලො දෙන්නා හංගාවි
උඹේ පවුඩර් පෙට්ටිය .
උඹ වෙනුවෙන්
උඹට ආදරේ උන්
තාමත් ධර්ම යුද්ධයක.
උඹේ ජීවිතය ගොඩ ගන්න .
ඔහොම නිසොල්මනේ ම
නිදාගත්තා ඇති දැන් .
උඹ එනතුරා බලාගෙන
අපි ඉන්නව සිනමාහලේ
නැගිටපං සිංහයෝ ආයෙමත්
අපේ ආදරය විඳගන්න .
ආදරණීය ජැක්සන් ඇන්තනී කලාකරුවාණෙනි ෴ ඔබට ඉක්මන් සුවය ලැබේවා !
සන්ධ්‍යා කුමාරි මැණික්ගම .