Sunday, October 20, 2024
Follow Us
"දියතට දෙකක්.."

"සල්ලි තියෙනවද "


කොල්ල හින වෙලා කෙල්ලගෙ කම්බුලට තට්ටුවක් දැම්ම
"මොනව හරි කමු."
"ඕන්නෑ අම්ම් කෑම එකක් දුන්න.."
කෙල්ල හරි ආදරෙන් කිව්ව
"ම්ම්ම්ම්.. "
"මේ මොනවද.."
"චොකලට් එකක්"
"පිස්සුනෙ ඔයාට.."
"කීයටද ක්ලාස් ඉවර වෙනව කිව්වෙ.."
"තුන වෙද්දි යන්න ඔනෙ බබා.."
"ටුයුට් එක.."
"හසිනිගෙන් ඉල්ලගන්නව. අම්මි දැන් බලනව ක්ලාස් ගියාද කියල."
"කපටිම නෑ නේද.."
ආයෙත් ඌ කෙල්ලගෙ කම්බුලට තට්ටුවක් දැම්ම.
පිටිපස්සෙ සීට් එකට වෙලා රටකජු ඇට හප හප හිටපු මන් ෆෝන් එක අතට ගත්තා..
උන්ට ඇහෙන්න ගොඩක් හයියෙන් කතා කලා
"අඩෝ මේන් උබලගෙ නංගි කොල්ලෙක් එක්ක දියතට යනව ක්ලාස් කට් කරලා. ඉක්මනට වරෙන්.."
උන් සීට් එකෙන් නැගිට්ට නෙමෙයි පැන්න.
කෙල්ල ඇඩිල වගෙ මගෙ දිහා බැලුවා.
ආයෙ කොල්ල දිහා බැලුවා
මොනවද කියන්න වගේ හදද්දි කොල්ල කෙල්ලගෙ අත අල්ලගත්තා
"පැරෑන්ක් එකක් කලේ බන්.. බය උනාද. "
මං හිනා වෙලා කියන ගමන් තව රට කජු ඇටයක් කටේ දාගත්‍තා..
"අයියෙ මේ "
"අයොයෝ පරෑන්ක් එකක් කලේ බන් සිරාවට. "
"එක්කො ඕන්නෑ මං ක්ලාස් එකට යනව.."
"අඩේ පැරෑන්ක් එකක් කලේ මගෙ ෆෝන් එකේ සල්ලි වත් නෑ. අනික් මට මොකද උබල කොහෙ ගියත් මං උබල අදුරන්නෑ නෙ."
"නෑ නෑ අපි යන්.. මං ක්ලාස් එකට යනව.."
"උබ නන් මහ තිrisaනෙක්.."
කොල්ල මට කියන් බස් එකෙන් බැස්ස.
"අඩෝ සීරියස් පෑරැන්ක් එකක් කලේ.."
ජනේලෙන් ඔලුව දාලත් මං කිව්ව.
ඒත් උන් දෙන්න වේගෙන් දුවන් ආයෙත් බොරැල්ල දිහාට ගියා
පොඩි උන්
????
...Lahiru Milan...